අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 343
සම්භාවනාව
නා. උසස් කොට සැලකීම; බුහුමන් කිරීම/ සිතින් මවා ගැනීම (පා. සම්භාවනා)
සම්භාවනීය
වි. ගරු කටයුතු; කීර්තිමත් (සං. සම්භාවනීය)
සම්භාව්ය
වි. ගරු කළ යුතු; උසස්; හොඳින් සලකන ලද
සම්භාෂණය
නා. එක් ව කථා කිරීම; ප්රීති සාදය (සං. සම්භාෂණ)
සම්භූත
වි. උපන්; හටගත් (පා. සං. සම්භූත)
සම්භෝගය
නා. අනුභවය/ සමගි වාසය/ සංවාසය (පා. සං. සම්භෝග)
සම්මන්ත්රණය
නා. සංවාදය; සාකච්ඡාව
සම්මර්ශනය
නා. මනා කොට විමසීම (සං. සම්මර්ශන)
සම්මානනීය
වි. ගරු කටයුතු (සං. සම්මානනීය)
සම්මානය
නා. ගෞරවය; බුහුමන/ ගෞරව නාමය/ උසස් සාමර්ථ්යය (පා. සං. සම්මාන)
සම්මිශ්ර
වි. මැනවින් මුසු වූ (සං. සම්මිශ්ර)
සම්මිශ්රණය
නා. මැනැවින් මුසු වීම (සං. සම්මිශ්රණ)
සම්මුඛ
නා.ප්ර. අභිමුඛය; හමුව (පා. සං. සම්මුඛ)
සම්මේලනය
නා.ප්ර. එක්රැස් වීම (සං. සම්මෙලන)
සම්යක්
වි. යහපත්
සමාකර්ෂණය
නා. සමීපයට ඇද ගැනීම (සං. සමාකර්ෂ)
සමාකීර්ණ
වි. මුළුමනින් ගැවසුණු (සං. සමාකීර්ණ)
සමාකුල
වි. බොහෝ දෙනා එක් රැස් වූ; ගැවසුණු (පා. සමාකුල)
සමාචාරය
නා. මනා පැවැත්ම/ සමාන ව පිළිගැනීම (සං. සමාචාර)
සමාචීර්ණ
වි. මනා සේ හැසුරුණු (සං. සමාචීර්ණ)
සමාජානුයෝජනය
නා. කිසියම් සමාජයක ක්රියාකාරිත්වයට අනුගත වීම
සමාදරය
නා. බොහෝ ආදරය; අධික ප්රේමය (සං. සමාදර)
සමාදාන
නා.ප්ර. මනා කොට ගැනීම/ එකඟකම; එකමුතුව (සං. සමාදාන)
සමාදි
නා.ප්ර. ප්රීතිය/ කාව්යානුශාසනයන්හි දැක්වෙන දශප්රාණයන්ගෙන් එකක්