අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 342

සම්ප්‍රදායය

නා. සම්මත චාරීත්‍රය; පිළිගත් න්‍යාය (සං. සම්ප්‍රදාය)

සම්ප්‍රදායානුකූල

වි. සම්ප්‍රදායට එකඟ

සම්ප්‍රයුක්ත

වි. එක් ව යෙදුුණු; එකට සම්බන්ධ වූ; යුක්ත වූ (සං. සම්ප්‍රයුක්ත)

සම්ප්‍රසාදනය

නා. පැහැදවීම (පා. සම්පසාද)

සම්ප්‍රසාධන

නා.ප්‍ර. මැනවින් සැරසීම (සං. සම්ප්‍රසාධන)

සම්ප්‍රසාරණය

නා. දිග හැරීම (පා. සම්පසාරණ)

සම්ප්‍රහර්ෂය

නා. අධික ප්‍රීතිය; මහත් සතුට (සං. සම්ප්‍රහර්ෂ)

සම්ප්‍රාප්ත

වි. පැමිණි; සපැමිණි (සං. සම්ප්‍රාප්ත)

සම්ප්‍රීණනය

නා. අතිශයින් සතුටු කිරීම (සං. සම්ප්‍රීණන)

සම්ප්‍රේක්ෂණය

නා. බැලීම (සං. සම්ප්‍රෙක්‍ෂණ)

සම්ප්‍රේෂණය

නා. විදුලිය, ශබ්ද තරංග ආදිය එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට යැවීම (සං. සම්ප්‍රෙෂණ)

සම්පාදකයා

නා. සපයන තැනැත්තා; සංස්කාරකයා (පා. සම්පාදක)

සම්පාදනය

නා. සිද්ධ කිරීම; පිළියෙල කිරීම (පා. සම්පාදන)

සම්පිණ්ඩනය

නා. කැටි කිරීම (පා. සම්පිණ්ඩන)

සම්පීඩනය

නා. තෙරපීම

සම්පූර්ණ

වි. අඩුවක් නැති/ සියලු

සම්බන්ධය

නා. බැඳීම/ සමෘද්ධිය/ මිත්‍රත්වය (සං. සම්බන්‍ධ)

සම්බන්ධීකරණය

නා. සම්බන්ධ කිරීම; අංශ කිහිපයක කාර්යයන් එක් ව සමායෝජනය කිරීම

සම්බාධ

නා.ප්‍ර. බාධාව; අවහිරය (පා. සං. සම්බාධ)

සම්බාහන

නා.ප්‍ර. අත්, පා, හන්දි අත ගා මැඬීම (පා. සම්බාහන)

සම්බුද්ධ

නා.ප්‍ර. බුදුන් වහන්සේ (පා. සම්බුද්ධ)

සම්බෝධිය

නා. බුද්ධත්වය (පා. සම්බොධි)

සම්භවය

නා. ඉපදීම/ ලැබීම (පා. සං. සම්භව)

සම්භාර

නා.ප්‍ර. කටයුත්ත/ සමූහය (පා. සං. සම්භාර)