අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 341

සමන්කුළ

නා. සමනළ කන්ද (පා. සමන්තකූට)

සමනුභාෂණය

නා. නැවත නැවත අවවාද වශයෙන් කීම

සමපල

නා.ප්‍ර. සමාන වූ පලාපල; මධ්‍යස්ථ වූ ගුණාගුණ

සමපේක්ෂණය

නා. විශාල ලාභ ලැබීමේ අදහසින් අවදානම් සහිත ව්‍යාපාරයක ආයෝජනය කිරීම

සමමිතික

වි. ඍජු රේඛාවක හෝ තලයක හෝ ක්ෂේත්‍රයක හෝ අක්ෂයක හෝ දෙපස සමාන වූ කොටස් පිහිටි

සමයාන්තර

නා.ප්‍ර. අන්‍යාගම්; අන්‍යාගමික මත; විවිධ ආගමික ඉගැන්වීම්

සමරන

වි. සිහිපත් කරන

සමර්ථ

වි. දක්ෂ (සං. සමර්ථ)

සමර්ථතාව

නා. දක්ෂතාව (සං. සමර්ථතා)

සමර්ථනය

නා. ස්ථිර කිරීම; ඔප්පු කිරීම (සං. සමර්ථන)

සමර්පණය

නා. පැවරීම; ප්‍රදානය (සං. සමර්පණ)

සමලංකෘත

වි. මනා සේ අලංකාර කරන ලද (සං. සමලඞ්කෘත)

සමලිංගික

වි. සමාන ලිංගික භාවයෙන් යුතු/ සමාන ලිංගිකයන් කෙරෙහි ආකර්ෂණය වන

සමවායිනී

වි. එක්වීම (සං. සමවායින්)

සමශීතෝෂ්ණ

වි. සෞම්‍ය වූ

සමස්ත

වි. සම්පූර්ණ; සියලු (සං. සමස්ත)

සමස්තිථි

වි. සමතුලනය හා සම්බන්ධ

සමස්ථානික

නා.ප්‍ර. එක ම න්‍යෂ්ටික ආරෝපණයක් ඇති එහෙත් වෙනස් ස්කන්ධවලින් යුත් පරමාණුව

සම්පප්‍රලාප

නා.ප්‍ර. බොළඳ වචන; නිරර්ථක කථාව (සං. සම්පප්‍රලාප පා. සම්පප්පලාප)

සම්පර්කය

නා. සම්බන්ධය; සන්ධානය/ මිශ්‍ර වීම/ ඒකාබද්ධ වීම (සං. සම්පර්ක)

සම්පරායිකය

නා. පරලොවට අයිති වන දෙය (පා. සම්පරායික)

සම්ප්‍රජානනය

නා. විමසුම් නුවණින් දැන ගැනීම; හොඳින් දැන ගැනීම (පා. සම්පජානන)

සම්ප්‍රදාන

නා.ප්‍ර. යහපත් දානය/ විභක්තියක නාමය (සං. සම්ප්‍රදාන)