අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 340

සභ්‍යත්වය

නා. ශිෂ්ටභාවය

සභාග

වි. සමාන පැවතුම් ඇති/ කොටස් සහිත වූ (පා. සභාග)

සභාපති

නා. සභාවක මුලසුන දරන්නා

සභාර්හ

වි. සභාවට සුදුසු වූ

සභාව

නා. විධිමත් රැස්වීම; රැස්වීම් ශාලාව/ සමාජය (පා. සං. සභා)

සභිකයා

නා. සභාවෙහි සාමාජිකයා (සං. සභික)

සමකය

නා. නිරක්ෂ රේඛාව/ සමාන අගය (සං. සමක)

සමක්ෂක

වි. එක ම අක්ෂයක් ඇති

සමකාලීන

වි. එක ම අවධියකට අයත්

සමකෝණ

වි. එක ම ප්‍රමාණයේ කෝණ ඇති

සමගාමී

වි. එකට පවතින; එක් ව ගමන් කරන

සමගිය

නා. එකමුතුකම (පා. සමග්ග, සමඞ්ගි)

සමඟ

නි. එක් ව; කැටුව; සහිත

සමචතුරස්‍ර

වි. හරි හතරැස්

සමච්චලය

නා. සරදම; විහිළුව/ හෙළාදැකීම

සමච්ඡේදනය

නා. සමාන කොටස් දෙකකට බෙදීම

සමත

1. වි. දක්ෂ (සං. සමර්ථ) 2. සියලු (සං. සමස්ත) නා. 1. සංසිඳීම (පා. සමථ) 2. නියමය (පා. සං. සම්මත) 3. කොවුලා නි. හාත්පස (පා. සං. සාමන්ත)

සමතලා

නා.ප්‍ර. තැනිතලාව; සම බිම

සමතික්‍රමණය

නා. ඉක්මවීම (පා. සමතික්කම)

සමතුලිත

වි. සමබර

සමථ භාවනාව

නා. සිතෙහි එකඟ බව ඇති කරන චිත්ත භාවනාව (පා. සමථ භාවනා)

සමථය

නා. චිත්ත සමාධිය/ ගැටලු නිරාකරණය (පා. සං. සමථ)

සමනය

නා. ශමනය

සමනලයා

නා. කෘමි විශේෂයක්

සමනළ කන්ද

නා. ශ්‍රීපාද කන්ද; සමන්ත කූටය