අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 339

සඳකඩ

නා. ඊශ්වර/ සඳෙහි කැබැල්ල (සං. චන්‍ද්‍රඛණ්ඩ)

සඳකඩපහණ

නා.ප්‍ර. අර්ධ චන්ද්‍රාකාර පාෂාණය

සඳකැන්මිණ

නා. චන්ද්‍රකාන්ත මාණික්‍යය (සං. චන්‍ද්‍රකාන්ත මාණික්‍ය)

සඳකැලුම්

නා.ප්‍ර. සඳ රැස්; සඳ කැල්ම

සඳකිඳුරු

නා.ප්‍ර. චන්ද කින්නර (පා. චන්‍දකින්නර)

සඳන

1. නා.ප්‍ර. පියස්ස (පා. සං. ඡදන) 2. සඳුන් (පා. සං. චන්‍දන)

සඳල

නා.ප්‍ර. සඳලුතලය/ තට්ටය

සඳල්ල

නා. සඳලුතලය

සඳලුතලය

නා. සඳ එළිය වැටෙන උඩුමහල (සං. චන්‍ද්‍රිකාස්ථල)

සඳහන

නා. සිහිය/ ලකුණු කිරීම/ ජන්ම පත්‍රය

සඳැස්

1. නා.ප්‍ර. මොනර පිලෙහි තිබෙන ඇසක් වැනි ලකුණ 2. සිත හා ඇස 3. ඡන්දස් (සං. ඡන්‍දස්)

සඳුන්

නා.ප්‍ර. සඳුන් ගස/ සඳුන් කල්කය (පා. සං. චන්‍දන)

සපත්නීරෝෂය

නා. සම භාර්යාව තුළ ඇති වන කෝපය (සං. සපත්නීරෝෂ)

සපතේරුවා

නා. සපත්තු මහන්නා (පුර්. capateiro)

සපථය

නා. ශපථය

සප්තාස්‍රය

නා. පාද හතක් සහ කෝණ හතක් ඇති තල රූපය

සප්‍රාණ

වි. පණ සහිත වූ

සඵල

වි. ප්‍රයෝජන සහිත වූ (පා. සං. සඵල)

සබකෝලය

නා. සභාවට නුහුරු බව

සබඳ

නා. සම්බන්ධය; සම්බන්ධ විභක්තිය/ මිතුරා/ අයිතිකාරයා (පා. සං. සම්බන්‍ධ)

සබය

නා. සභාව (පා. සං. සභා)

සබැඳියාව

නා. මිත්‍රත්වය; මනා බැඳීම

සබුද්ධික

වි. බුද්ධිය ඇති; බුද්ධිමත්

සභ්‍ය

වි. ශිෂ්ට; සභාවකට සුදුසු; සමාජයට ගැළපෙන (සං. සභ්‍ය)