අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 338

සන්නාහය

නා. යුද්ධ හැට්ටය; කවචය (පා. සං. සන්නාහ)

සන්නිකර්ෂණය

නා. සමීපය (සං. සන්නිකර්ෂණ)

සන්නික්ෂේපණය

නා. තැන්පත් කර තැබීම (පා. සන්නික්‍ඛිපන)

සන්නිධිය

නා. ගොඩ; රාශිය/ යාබද බව (පා. සං. සන්නිධි)

සන්නිපාතය

නා. රැස්වීම; ඒකරාශී වීම (සං. සන්නිපාත)

සන්නිභ

නි. වැනි; සමාන (සං. සන්නිභ)

සන්නිය

නා. රෝගයක නාමය (සං. සන්නි)

සන්නිවේදනය

නා. ප්‍රකාශනය

සන්නිවේශය

නා. නිසි සේ පිහිටුවීම (පා. සන්නිවෙස සං. සන්නිවෙශ)

සන්නිශ්‍රය

වි. ඇසුරු කළ (සං. සන්නිශ්‍රය)

සන්නිශ්‍රිත

වි. ආශ්‍රිත; සම්බන්ධ (සං. සන්නිශ්‍රිත)

සන්නිහිත

වි. මනා කොට තැබූ; ලං කොට තැබූ; තැන්පත් කළ (පා. සන්නිහිත)

සන්සන්දනය

නා. සංසන්දනය

සන්සිඳෙනවා

ක්‍රි. සංසිඳෙනවා

සන්හිඳ

නා.ප්‍ර. ඉඩකඩ; අවකාශය

සන්‍යය

නා. ව්‍යාඛ්‍යාව

සන්‍යාස

නා.ප්‍ර. ගිහිගෙය හැරදමා තපසට යෑම/ අධිරුධිර පීඩනයෙන් ඇති වන සිහිය නැති වීමේ රෝගය (සං. සන්‍යාස)

සන්‍යාසි

නා.ප්‍ර. චතුර්විධ ආශ්‍රම ධර්මයන්ගෙන් එකක් (සං. සන්‍යාසින්)

සනාතන

වි. සැමදා පවතින; ස්ථිර (සං. සනාතන)

සනාථ

වි. ස්වාමියා සහිත/ ඔප්පු කළ හැකි (පා. සං. සනාථ)

සනිටුහන

නා. නිශ්චය; තීරණය (පා. සන්නිට්ඨාන)

සනීපය

නා. නිරෝගභාවය

සනීපාරක්ෂක

වි. සෞඛ්‍යය ආරක්ෂා කරන

සඳ

1. නා.ප්‍ර. හඳ/ උත්තමයා/ සඳුදා/ සෙනෙහස (පා. චන්‍ද සං. චන්‍ද්‍ර) 2. සන්ධි නමැති රාජ ගුණය/ අක්ෂර ගැළපීම/ ශරීර සන්ධිය (සං. සන්‍ධි) 3. සතුට; කැමැත්ත (සං. ඡන්‍ද) 4. ඡන්දසක නාමය (සං. ඡන්‍දස්) 5. සවස් කාලය (සං. සන්‍ධ්‍යා) 6. ගැහැනිය/ පෙම්වතිය 7. සඳුන් (පා. සං. චන්‍දන) 8. සුවඳ (සං. සුගන්‍ධ) 9. ඇතා 10. සැකය (සං. සන්‍දෙහ)