අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 337
සන්ථවය
නා. ඇසුරු කිරීම/ සංසර්ගය (පා. සන්ථව)
සන්ථාගාරය
නා. රැස්වීම් ශාලාව (පා. සන්ථාගාර)
සන්දර්භය
නා. රචනා විලාසය/ සංගතය; අන්තර්ගතය (සං. සන්දර්භ)
සන්දර්ශනය
නා. ප්‍රදර්ශනය; දැක්වීම (සං. සංදර්ශන)
සන්දිග්ධ
නා. සැකය/ කාව්‍ය දෝෂයක නාමය (සං. සංදිග්ධ)
සන්දීපක
වි. පවසන; දක්වන (පා. සන්දීපක සං. සංදීපක)
සන්දීපනය
නා. දැල්වීම; තියුණු කිරීම (සං. සංදීපන පා. සන්දීපන)
සන්දෘෂ්ටිය
නා. මනා කොට දැකීම (සං. සංදෘෂ්ටි)
සන්දේශය
නා. ලියමන/ දැන්වීම/ දූත කාව්‍යය (සං. සංදෙශ)
සන්ධ්‍යක්ෂර
නා.බහු. සන්ධි වන අකුරු (සං. සන්ධ්‍යක්ෂර)
සන්ධ්‍යාව
නා. හැන්දෑව/ සැන්දෑ පූජාව (සං. සන්ධ්‍යා)
සන්ධාන
නා.ප්‍ර. සම්බන්ධය (සං. සංධාන පා. සන්ධාන)
සන්ධාරණ
නා.ප්‍ර. දැරීම; ඉසිලීම (පා. සන්ධාරණ සං. සංධාරණ)
සන්ධාරය
නා. අන්තර්ගත ද්‍රව්‍යය (පා. සන්ධාර)
සන්ධිපාදිකයා
නා. පුරුක් වශයෙන් සෑදුණු ශරීර උපාංග ඇති සතා
සන්ධිය
නා. සම්බන්ධය/ සම්බන්ධ වන ස්ථානය (පා. සං. සන්ධි)
සන්න
නා.ප්‍ර. අර්ථකථනය; බ්යාඛ්යාව
සන්නද්ධ
වි. බැඳුණු; පිළියෙල වූ/ යුද ඇඳුමෙන් සැරසුණු (පා. සං. සන්නද්ධ)
සන්නයන
වි. ගෙන යන; සම්ප්‍රේෂණය කරන (සං. සංනයන)
සන්නස
නා. රාජ මුද්‍රාව තැබූ ලියවිල්ල
සන්නාම
නා.ප්‍ර. වෙළඳ නාමය
සන්නායකය
නා. තාපය, විදුලිය ආදිය සම්ප්‍රේෂණය වන මාධ්‍යය
සන්නාලියා
නා. ඇඳුම් මසන්නා; රෙදි වියන්නා
සන්නාසියා
නා. පරිබ්‍රාජක විශේෂයක් (සං. සන්න්යාස)