අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 336

සදාචාරය

නා. යහපත් පැවැත්ම; නිවැරදි හැසිරීම

සදාතන

වි. සදාකාලික

සදානුස්මරණය

නා. හැම කල්හි ම සිහිපත් කිරීම

සදාශ්‍රය

නා. යහපත් ඇසුර

සදුපදේශ

නා. යහපත් උපදේශය

සදෘශ

වි. එක හා සමාන (සං. සදෘශ)

සදෘශ්‍යය

නා. සමානත්වය; අනුරූප බව (සං. සාදෘශ්‍ය)

සධාතුක

වි. ධාතු සහිත (පා. සධාතුක)

සනරාමර

වි. මිනිසුන් හා දෙවියන් සහිත

සන්

1. නා.ප්‍ර. විඤ්ඤාණය; හැඟීම; සිහිය/ ලකුණ (පා. සඤ්ඤා සං. සංඥා) 2. නාදය; හඬ (සං. සවන) 3. ස්නේහය (සං. ස්නෙහ) වි. 1. වැසුණු (පා. සං. ඡන්න) 2. ශාන්ත (පා. සන්ත සං. ශාන්ත)

සන්තක

වි. සතු; අයිති

සන්තතිය

නා. පරම්පරාව

සන්තප්ත

වි. බෙහෙවින් තැවුණු (සං. සන්තප්ත)

සන්තර්පණය

නා. සංග්‍රහ කිරීම; පිනවීම (සං. සන්තර්පණ)

සන්ත්‍රාසය

නා. තැතිගැනීම (සං. සන්ත්‍රාස)

සන්තානය

නා. සිත (පා. සං. සන්තාන)

සන්තාපය

නා. දැඩි උෂ්ණය/ සිත් තැවුල (පා. සං. සන්තාප)

සන්තීරණය

නා. අරමුණු විමසන්නා වූ සිත (පා. සන්තීරණ)

සන්තුෂ්ට

වි. සතුටු වූ (සං. සන්තුෂ්ට)

සන්තුෂිත

නා.ප්‍ර. තුසිත දෙව්ලොව (පා. සන්තුසිත සං. සන්තුෂිත)

සන්තෘප්ත

වි. සෑහීමකට පත්; සතුටු වූ/ උපරිම ප්‍රමාණයට පිරුණු (සං. සංතෘප්ත)

සන්තෝෂය

නා. ප්‍රීතිය; සතුට (සං. සන්තොෂ පා. සන්තොස)

සන්තෝසම

නා. තෑග්ග; දීමනාව (දෙ. சந்தோஷம்)

සන්ථරණය

නා. ඇතිරිල්ල (පා. සන්‍ථරණ)