අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 335

සත්ත්වයා

නා. පුද්ගලයා; ජීවයක් ඇති තැනැත්තා (සං. සත්ත්‍ව)

නා. සත්ත්වයා

සත්ත්වෝද්‍යානය

නා. වන සතුන් සඳහා වෙන් වූ උයන

සත්තාව

නා. විද්‍යමාන බව; ඇත්ත වශයෙන් ම තිබෙන බව; සැබෑව (සං. සත්තා)

සත්තුවාහකයා

නා. ගැල් කණ්ඩායමේ නායකයා; තවලමේ නායකයා

සත්ථ

නා.ප්‍ර. තවලම; සාත්තුව/ ආයුධය (පා. සත්‍ථ)

සත්පුරුෂ

වි. ගුණවත්; යහපත් (සං. සත්පුරුෂ පා. සප්පුරිස)

සත්වෝද්‍යානය

නා. සත්ත්වෝද්‍යානය

සත්‍යය

නා. යථා තත්ත්වය (සං. සත්‍ය පා. සච්ච)

සත්‍යාවබෝධය

නා. ආර්ය සත්‍ය දැන ගැනීම

සත්‍යේක්ෂණය

නා. හරි වැරදි බැලීම

සතිපට්ඨානය

නා. සිහිය පිහිටුවීම (පා. සතිපට්ඨාන)

සතී

නා.ප්‍ර. පතිවත රකින ස්ත්‍රිය/ වෘත්තයක නාමය/ සති පූජාව (පා. සං. සතී)

සද

නා.ප්‍ර. ශබ්දය (සං. ශබ්ද)

සදත්

1. නා.ප්‍ර. ශබ්දාර්ථය (සං. ශබ්දාර්ථ) 2. ඡද්දන්ත කුලයට අයත් හස්තියා (පා. ඡද්දන්ත)

සදන

නා.ප්‍ර. ගෙය (පා. ඡදන) වි. ධනය සහිත

සදර්ථ

වි. යහපත්

සදල

නා.ප්‍ර. කුසතණ/ නිල්පාට තණකොළ/ හල් ගස (පා. සද්දල)

සද්ගුණ

නා.ප්‍ර. යහපත් ගුණය

සද්දන්තයා

නා. විශාල ශරීරයක් ඇති සත්ත්වයා/ ඡද්දන්ත කුලයේ ඇතා (පා. ඡද්දන්ත)

සද්ධර්මය

නා. සත්පුරුෂ ධර්මය (සං. සද්ධර්ම පා. සද්ධම්ම)

සද්ධාව

නා. ශ්‍රද්ධාව; සැදැහැය (පා. සද්ධා සං. ශ්‍රද්ධා)

සද්භාවය

නා. ඇති බව/ මනා ස්වභාවය; යහපත් බව (සං. සද්භාව)

සදා

නි. හැම කල්හි (සං. සදා)