අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 334

සග

1. නා.ප්‍ර. සඞ්ඝයා (පා. සංඝ) 2. දෙව්ලොව (පා. සග්ග සං. ස්වර්ග) 3. පරිච්ඡේදය; සර්ගය (පා. සග්ග සං. සර්ග) 4. යහළුවා වි. තරුණ; බාල

සඟ

නා.ප්‍ර. සමූහය/ සංඝයා වහන්සේ/ ඇලීම (පා. සං. සඞ්ඝ)

සඟගණ

නා.ප්‍ර. භික්‍ෂු සමූහය

සඟරා

නා.ප්‍ර. සංග්‍රහය; එකතුව; ගොනුව/ සත්කාරය (සං. සඞ්ග්‍රහ)

සඟවනවා

ක්‍රි. ආරක්ෂා කොට තබනවා; වසා තබනවා/ පෙන්නුම් කරනවා (පා. සඞ්ගොපෙති)

සඟසරණ

නා.ප්‍ර. සංඝයා ම උතුම් පිහිට කොට තැකීම

සඟළ

නා.ප්‍ර. යුගලය/ දෙපට සිවුර (පා. සඞ්ඝාටි)

සඟිය

නා. එකතුව; කාණ්ඩය (පා. සංගීති)

සචේතනික

වි. සිතිවිලි සහිත

සජ්ජිත

වි. සැරසුණු (පා. සං. සජ්ජිත)

සජ්ඣායනය

නා. එක් ව ගායනා කිරීම (පා. සජ්ඣායන)

සඤ්ඤකය

නා. හ්‍රස්ව අනුනාසිකයන් සමඟ බැඳුණු අක්ෂරය (පා. සඤ්ඤක)

සටහන

නා. සලකුණ; සංකේතය/ මාර්ගය (පා. සණ්ඨාන)

සට්ටම්බි

නා.ප්‍ර. රජ වාසලේ නාන ගෙයි මෙහෙකරුවා/ කතෝලික දේවස්ථානවල ලේඛන භාරව සිටි තැනැත්තා (දෙ. சட்டம்பி)

සට්ඨි

නා.ප්‍ර. හැට (පා. සට්ඨි)

සඨ

නා.ප්‍ර. කපටිබව (පා. සඨ)

සණ

1. නා.ප්‍ර. මොහොත; ක්ෂණය (පා. ඛණ සං. ක්‍ෂණ) 2. උරගල/ හණගල 3. හණ ගස (පා. සාණ) 4. සැණකෙළිය

සණ්ඩුව

නා. රණ්ඩුව; කලහය (දෙ. சண்டை)

සතත

1. නා.ප්‍ර. මහා බ්‍රහ්මයා 2. උණ රෝගය වි. නිතර (පා. සතත)

සතතභ්‍යාසය

නා. නිරන්තරයෙන් පුහුණු වීම

සතර බණවර

නා.ප්‍ර. සූත්‍ර පිටකයෙන් සංග්‍රහ කරන ලද පරිත්‍රාණ දේශනාව; පිරිත් පොත් වහන්සේ

සතර බ්‍රහ්ම විහරණ

නා.ප්‍ර. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන භාවනා සතර

සතළොස්

නා.ප්‍ර. දහහත

සත්කුළු පව්ව

නා. මහාමේරු පර්වතය වටා ඇතැයි සැලකෙන පර්වත හත (සං. සප්තකූට පර්වත)