සණ

saṇa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. මැණික් ඔප දමන ගල.
2. ආයුධ මුවහත් තබන ගල ; තෙල් ගල ; හරණගල.
3. හඳුන් ආදි ඖෂධ වර්ග උරච්චි කරන ගල.
4. හණ ගහ.
5. සැණකෙළිය.
6. ක්ෂණය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. නා.ප්‍ර. මොහොත; ක්ෂණය (පා. ඛණ සං. ක්‍ෂණ) 2. උරගල/ හණගල 3. හණ ගස (පා. සාණ) 4. සැණකෙළිය

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. දානෙ, දීමෙහි, සණති, දෙයි.
√ භු. අව්‍යත්තෙසද්දෙ, අව්‍යක්ත ශබ්දයෙහි, සණති, ශබ්ද කෙරෙයි.
√ චු. දානෙ, දීමෙහි, සණෙති, සණයති, දෙයි.
පු. හණ. (පි. 496)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. ceremony
2. st. hemp
3. st. moment

Digital Pāḷi Dictionary