සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1685
සටොලි සෛලය
නා. උසස් පෘෂ්ඨවංශීන්ගේ ශුක්රධර නාලිකාවල තිබෙන විශාල වූ ආස්තරණ අපිච්ඡද සෛල.
සඨ
වි. කපටි ; කෛරාටික.
සඨප්රයෝග
නා.ප්‍ර. කපටි උපාය ; කූට උපක්‍රමය.
සඩංගම
1. නා. පිළිම නෙත් තැබීම වැනි විශේෂ පූජා අවස්ථාවක දී සිත්තරාට පිරිනමන පඬුරු සහිත පූජාව.
2. නොයෙක් දේ බහා තැබිය හැකි විශාල පෙට්ටගම.
3. පිදුරු සෙවිලි කළ වහලක තෙමෙන තැන්වල තට්ටුවක් සිටින සේ දමන පිදුරු කැටිය ; පිදුරු තට්ටුව.
4. කලබලය ; කෝලාහලය.
සඩංගුව
නා. දබරය ; කලහය ; රණ්ඩුව.
සඩු
වි. හිස් ; නිසරු.
නා.ප්‍ර. වී පොතු ; දහයියා.
සණ
1. නා.ප්‍ර. මැණික් ඔප දමන ගල.
2. ආයුධ මුවහත් තබන ගල ; තෙල් ගල ; හරණගල.
3. හඳුන් ආදි ඖෂධ වර්ග උරච්චි කරන ගල.
4. හණ ගහ.
5. සැණකෙළිය.
6. ක්ෂණය.
සණ දොවුන් කෙළිය
නා. සණ පලු සේදීමත් සමඟ කරන ලද පුරාණ ක්‍රීඩාවක්.
සණඨපනය
නා. මනා කොට පිළියෙල කිරීම ; මනාව තැබීම.
සණවා
නා.ප්‍ර. හණ නූල් ; හණ වැහැරි.
සණ්ඨානය
නා. සටහන ; සලකුණ ; ආකාරය ; ආකෘතිය.
සණ්ඨිතිය
නා. ස්ථිතිය ; පිහිටීම ; පැවැත්ම.
සණ්ඩ
1. නා.ප්‍ර. රාශිය ; සමූහය ; ළැහැබ.
2. දෙතිස් කුල පණුවන්ගෙන් එක් වර්ගයක් ; උදරයෙහි වසන පණු විශේෂයක්.
සත
1. නා. සත්වයා ; සතා ; ජනයා.
2. සත්පුරුෂයා.
3. සංඛ්‍යාවක් ; හත.
4. ශාස්ත්‍රය.
5. කුඩය.
6. බලය ; ශක්තිය.
7. සන්තානය.
8. සමූහය ; රංචුව.
සතඟුල
නා. අඟල් සතක ප්‍රමාණය ; සප්තාංගුලිකය.
සතත
නා. මහා බ්‍රහ්මයා.
වි. නිරන්තර ; නිතර.
සතන
1. නා. සිත ; සන්තානය.
2. සත්වයා.
3. සන්තතිය.
සතපනවා
1. ක්‍රි. වළඳවනවා ; සන්තර්පනය කරනවා.
2. සන්සිඳුවනවා ; සමනය කරනවා.
3. නිදිගන්වනවා.
සතප්නා පාය
නා. (භික්ෂූන් වහන්සේලා) බොජුන් වළඳන පාත්‍රය.
සතපාක
වි. සිය වරක් පැසවූ ; සිය වරක් කැකෑරු.
සතය
නා. රුපියලකින් සීයෙන් එක පංගුවක් වන කාසිය හෝ ප්‍රමාණය ; ශතය.
සතර
1. නා.ප්‍ර. හතරේ සංඛ්‍යාව ; හතරේ සංඛ්‍යාවේ සංකේතය.
2. ශාස්ත්‍රය ; විද්‍යාව.
3. හතුරා ; විරුද්ධකාරයා.
4. ශාස්තෘන් වහන්සේ ; බුදුරජාණන් වහන්සේ.
5. ආයුධය ; ශස්ත්‍රය.
6. සත්වයා ; ජීවියා.
7. අත්හතරක් ඇත්තා ; විෂ්ණු.
සතර අගතිය
නා. ඡන්දය, ද්වේශය, භය ; මෝහය යන කරුණු සතර.
සතර අන්තය
නා. අන්ත සතර ; බුදු දහමට අනුව සේවනය නොකටයුතු ලාමක ධර්ම හතර වන ශාස්වතය, උච්ඡේදය, කාමසුඛල්ලිකානුයෝගය සහ අත්තකිලමථානුයෝගය.