සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1686
සතර අප්‍රාමාණ්‍යය
නා. අප්‍රමාණ සත්ත්වයන් කෙරෙහි පවත්නා මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා යන බ්රහ්මවිහර සතර.
සතර අපාය
නා. තිරිසන් යෝනිය, ප්‍රේත භාවය, අසුර නිකාය, නරකය යන අපාය සතර.
සතර ආසව
නා.ප්‍ර. කාම, භව, දිට්ඨි, අවිජ්ජා යන ආසව හතර.
සතර ආහාර
නා.ප්‍ර. චතුර්විධ ආහාර ; කබලිංකාර, ඵස්ස, මනෝසංචේතනා, විඤ්ඤාණ යන ආහාර සතර.
සතර ඉද්ධිපාද
නා.ප්‍ර. ඍද්ධි බලය ලබාගැනීම සඳහා ප්‍රධාන වශයෙන් උපකාර වන ඡන්ද, චිත්ත, විරිය සහ විමංසා යන ධර්ම සතර.
සතර ඉරියවුව
නා. යාම්ඊම්, ඉඳීම්, හිටීම්, සැතපීම් යන ශාරීරික ඉරියවු සතර.
සතර උපක්ලේශ
නා.ප්‍ර. චන්ද්‍ර-සූර්ය බලපෑම් හීන කරන වලාකුළු, මීදුම්, රජස් සහ රාහු යන සතර.
සතර උපාය
නා. රාජධර්මයෙහි දක්වන සාම, දාන, භේද සහ දණ්ඩ යන උපාය හතර.
සතර ඍද්ධි
නා.ප්‍ර. ඍද්ධිබල සතර ; සක්විති රජුන්ට තිබෙන ශරීරයෙන් දිව සුවඳ වහනය වීම, මුවින් මහනෙල් මල් සුවඳ නිකුත්වීම, දෙවියන් සතර දෙනෙක් සිවු දෙසින් අරක්ගෙන සිටීම, අහසින් ගමන් කිරීම යන ඍද්ධි බල සතර.
සතර ඕඝ
නා.ප්‍ර. සැඬ පහර මෙන් ගලා යන කාම, භව, දිට්ඨි සහ අවිජ්ජා යන සතර.
සතර කඳ
නා.ප්‍ර. වේදනා, සංඥා, සංස්කාර සහ විඤ්ඤාණ යන ස්කන්ධ සතර.
සතර කමටහන්
නා.ප්‍ර. ධ්‍යාන ලබාගැනීම සඳහා භාවනාවට යොමු කරගන්නා බුද්ධානුස්මෘති, මෛත්‍රී, අශුභ සහ මරණානුස්මෘති යන කර්මස්ථාන හතර.
සතර කුලය
නා. පුරාණ භාරතයෙහි උසස් යැයි සම්මත රජ, බමුණු, වෙළඳ, ගොවි කුල.
සතර කේන්ද්‍රය
නා. කේන්දරයක 1, 4, 7 සහ 10 යන ස්ථාන.
සතර ගන්ථ
නා.ප්‍ර. නාම කාය සංඛ්‍යාත ස්කන්ධත්රය ගැට ගසන අභිජ්ඣා, ව්‍යාපාද, සීලබ්බතපරාමාස හා ඉදංසච්චාභිනිවේස යන සතර.
සතර ගාතය
නා. දෑත හා දෙපය.
සතර දස්
නා.බහු. සිය ගෙයි උපන්, මිලට ගත්, බලෙන් අල්ලාගත් සහ සිය කැමැත්තෙන් දාස තත්ත්වයට පැමිණි යන වහලුන් හතර වර්ගය.
සතර දාගැබ්
නා.බහු. බුදු, පසේබුදු, මහරහත්, සක්විති යන උතුමන්ගේ ධාතු නිදන් කළ දාගැබ් සතර වර්ගය.
සතර දැහැන්
නා.ප්‍ර. ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ යන ධ්‍යාන සතර.
සතර දිග
නා.ප්‍ර. උතුර, දකුණ, නැගෙනහිර, බස්නාහිර යන දිශා සතර ; සිවු දිග.
සතර දියුණු
නා.ප්‍ර. එකට සතර බැගින් ලැබෙන ලාභය ; සතර ගුණය.
සතර දොරටු
නා.ප්‍ර. ඇස්, කන්, නාසය, දිව යන දොරටු සතර.
සතර ධාතු
නා.බහු. පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන පදාර්ථ සතර.
සතර නිශ්‍රය
නා.ප්‍ර. බෞද්ධ ශ්රමණයකුගේ මූලික අවශ්‍යතා වන පාංශුකූල චීවරය, පිඬුසිඟා ලබන අහර, රුක්ඛමූල සේනාසනය, ගිලාන ප්‍රත්‍යය යන සතර.