සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1687
සතර පද
නා.ප්‍ර. පාද සතර ; පේළි සතර.
සතර ප්‍රත්‍යය
නා.ප්‍ර. කර්ම, චිත්ත, ඍතු, ආහාර යන ප්‍රත්‍යය සතර.
සතර ප්‍රතිසංවිත්
නා.ප්‍ර. අර්ථ, ධර්ම, නිරුක්ති, ප්‍රතිභාන යන කරුණු පිළිබඳ ඥාන විශේෂය.
සතර පාරාජිකා
නා.ප්‍ර. උපසම්පන්න භික්ෂූන් භික්ෂූත්වයෙන් නෙරපීමට හේතු වන සිව් වැදෑරුම් වැරදි.
සතර පෝය
නා. චන්ද්‍ර මාස ක්රමයේ පසළොස්වක, අව අටවක, අමාවක හා පුර අටවක යන පෝය හතර.
සතර ඵලය
නා. සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අර්හත් යන ඵල සතර.
සතර බණවර
නා.ප්‍ර. සූත්‍ර පිටකයට අයත් පස් මහ නිකායෙන් සංග්‍රහ කරන ලද සූත්‍ර කොටසක්.
සතර බ්‍රහ්ම විහරණය
නා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර.
සතර භූමිය
නා. කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර යන භූමි සතර ; චතුර් භූමිය.
සතර මඟ
නා. සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අර්හත් යන මාර්ග සතර.
සතර මහා නිධානය
නා. සිදුහත් උපතේ දී පොළොවෙන් පැන නැඟුණු සඞ්ඛ, ඵල, උත්ඵල, පුණ්ඩරීක යන නිධාන සතර.
සතර මහා භූත
නා.ප්‍ර. පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන මහා භූත හතර.
සතර මහාද්වීපය
නා. (පුරාණ සංකල්පය අනුව) ජම්බුද්වීපය, පූර්ව විදේහය, උතුරු කුරු දිවයින, අපරගෝයානය යන මහාද්වීප හතර.
සතර යෝගය
නා. කාම, භව, දිට්ඨි, අවිජ්ජා යන චතුර්විධ යෝග.
සතර යෝනිය
නා. අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික යන චතුර්විධ උත්පත්ති.
සතර රියන
1. නා. රියන් සතරක (අඩි හයක) මිනුම් ප්‍රමාණය.
2. මළ මිනියක් වළ දැමීමට උපයෝගී කරගන්නා භූමි ප්‍රමාණය.
සතර වරම් දෙවි
1. නා.ප්‍ර. පිළිවෙළින් නැගෙනහිර, දකුණ, බටහිර හා උතුර යන සතර දිශා භාර ව සිටිතැයි සලකන ධෘතරාෂ්ට්‍ර, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ යන දිව්‍ය රාජයන් සිවු දෙනා.
2. ශ්‍රී ලංකාවට ආරක්ෂාව සලසන උපුල්වන්, සමන් බොක්සැල්, විභීෂණ, ස්කන්ධ කුමාර යන ලාංකික දෙවිවරු සතර දෙනා.
සතර වර්ණ
1. නා.ප්‍ර. සුදු, කළු, රතු, කහ යන පාට හතර.
2. ක්ෂත්රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර යන භාරතීය වංශ හෙවත් වර්ණ හතර.
සතර වරිගය
නා. වර්ග සතර ; මව්, පිය, නැඳි, මයිල් යන සිවුදෙනා ගේ පාර්ශ්ව හතර.
සතර වාසල
නා. රජ මාලිගයේ නැගෙනහිර, බටහිර, උතුර, දකුණ යන දිශාවල පිහිටි දොරටු හතර.
සතර විරති
නා.ප්‍ර. මුසාවාද, පිසුනාවාච, ඵරුසාවාච, සම්ඵප්පලාප යන වාග් දුශ්චරිත හතරෙන් වැළකීම.
සතර වීර්යය
නා. වීර්ය හතර ; නූපන් අකුසල් නො ඉපදවීම, උපන් අකුසල් දුරු කිරීම, නූපන් කුසල් ඉපදවීම, උපන් කුසල් දියුණු කිරීම යන හතර වැදෑරුම් උත්සාහය.
සතර වේදය
නා. සෘග්, යජුර්, සාම, අථර්වන් යන වේද හතර ; චතුර්වේදය.
සතර ශ්‍රාමණ්‍ය ඵලය
නා. ශ්‍රමණ චර්යාවෙන් ලැබිය හැකි ආර්ය මාර්ග ඵල සතර ; සෝතාපත්ති, සකෘදාගාමි, අනාගාමි, අර්හත් යන ඵල සතර.