සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1684
සජීවි
වි. ජීවය සහිත ; පණ ඇති.
සජීවි පරිසරය
නා. යම් ජීවියකු අවට ඇති සියලු ශාකදර්ශ හා සත්වදර්ශ.
සජීවිකාව
නා. ජීවත්වීම ; සමග වාසය ; එක් ව ජීවිකාව කිරීම.
සජෝති
නා.ප්ර. ස්වකීය කාන්තිය.
වි. ගිනිදැල් සහිත.
සඤ්
නා.ප්ර. සංඥාව.
සඤ්ජානනය
නා. අවබෝධය ; හඳුනාගැනීම.
සඤ්ජිතා
නා.ප්ර. (ලෝකයේ නිර්මාතෘ ලෙස සැලකෙන) මහා බ්රහ්මයා.
සඤ්ඤක
1. නා.ප්ර. සිංහලයේ විශේෂ ශබ්ද ලක්ෂණයක් වන අර්ධ වර්ගාන්තය.
2. එය යෙදුණ ඟ, ඬ, ඳ, ඹ ආදි අකුරු හා ඒ ශබ්ද.
3. සංයෝගය ; බැඳුම.
සඤ්ඤත
වි. සංවරයෙන් යුක්ත ; සංයත.
සඤ්ඤමය
නා. ඉඳුරන් හික්මවීම ; සංයමය.
සඤ්ඤාව
1. නා. හැඟීම ; සිතා ගැනීම.
2. අරමුණු හැඳින ගන්නා චෛතසිකය.
3. පඤ්චස්කන්ධවලින් එකක්.
සට
වි. කපටි ; රැවටිලිකාර.
සටන
1. නා. යුද්ධය ; සංග්රාමය ; පොරය ; අරගලය.
2. සටහන ; විලාසය.
3. සාධාරණය ; යුක්තිය.
සටහන
1. නා. යමක් මත ඕනෑම ක්රමයකින් කළ ලකුණ ; සලකුණ ; සංකේතය.
2. කෙටි විස්තරය.
3. මාවත ; මාර්ගය.
සටහන්කඩ
නා.ප්ර. රූප සටහන් මඟින් දක්වන ලද සටහන් කාණ්ඩය.
සටහන්කරය
නා. වාර්තාව සටහන් කළ විස්තරය.
සටහුව
නා.ප්ර. සටහන් කරගනු ලබන උපකරණය.
සට්ටම
1. නා. ශරීරයේ ඉඟටියෙන් පහළ පිටතට නෙරූ පිටුපස පෙදෙස ; තට්ටම.
2. කිණිහිර වැනි මෙවලමක ඇති උල් වූ කොටස.
සට්ටම්බි
නා.ප්ර. සිංහල රජ වාසලේ නාන ගෙයි සේවා කළ තැනැත්තා.
සට්ටිය
නා. හට්ටිය බ.
සට්ඨි
නා.ප්ර. හැට.
සටා
නා.ප්ර. සිංහයාගේ බෙල්ලෙහි තිබෙන ලොම් ; සිංහ කේසර.
සටීකා
වි. විස්තර සහිත ; ටීකා සහිත.
සටු
නා.ප්ර. පටලය ; දැල.