සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1683
සචිත්තක
වි. සිත් සහිත වූ ; චිත්ත සහිත වූ.
සචිත්ර
වි. චිත්ර සහිත.
නා.ප්ර. කුෂ්ඨ රෝග විශේෂයක් ; ශ්වේත කුෂ්ඨය.
සචීව
1. නා.ප්ර. මිත්රයා ; සහායකයා.
2. රජුට සේවය කරන ඇමතිවරයා හෝ මන්ත්රීවරයා.
සචේතන
වි. චේතනා සහිත වූ ; හැගීම් සහිත වූ ; පණ ඇති වූ.
සචේෂ්ට
වි. සෙලවෙන ; චංචල වෙන.
සජ
නා.ප්ර. උපකරණය.
සජන
1. නා.ප්ර. ස්වකීය ජනයා.
2. සත්පුරුෂයා.
3. පණ්ඩිතයා.
සජනවා
ක්රි. අලංකාර කරනවා ; සරසනවා.
සජල
1. වි. ජලය සහිත වූ ; ජලය සමඟ සංයෝජනය වූ ; ජලය මිශ්රිත වූ.
2. ස්ඵටික ජලය සහිත.
සජ්ජනයා
නා. සත්පුරුෂයා ; සත් ජනයා.
සජ්ජාව
නා. සැරසුම ; සැදුම.
සජ්ජිත
වි. සැරසුණ ; සැදුම්ලත්; නිර්මිත.
නා.ප්ර. සෑදීම ; සැරසීම.
සජ්ඣාය
නා.ප්ර. කීම ; හැදෑරීම.
සජ්ඣායන
නා.ප්ර. එක්ව කීම ; රාශිභූත ව කීම.
සජ්වර
(පාරිභා.) වි. උණ සහිත.
සජාතී
නා.ප්ර. සමාන ජාතීන්ට හෝ එක ම ජාතියට අයත් අය.
සජාතීය ආරෝපණය
(පාරිභා.) නා. ධන විද්යුත් ආරෝපණය හෝ ඍණ විද්යුත් ආරෝපණය ; එක ම ජාතියේ, එනම් ධන හෝ ඍණ විදුලිය පිරී තිබීම.
සජාතීය ධ්රැව
(පාරිභා.) නා.ප්ර. චුම්බකයක සමාන ආකර්ෂණ බලය හෝ සමාන විකර්ෂණ බලය එක් රැස් වුණු ලක්ෂ්ය.
සජාතීය පද
(පාරිභා.) නා.ප්ර. ප්රකාශනවලට එකකට එකක් සමාන හෝ සංඛ්යාත්මක සංගුණකයෙන් පමණක් වෙනස් හෝ පද.
සජාතීය බල
(පාරිභා.) නා.ප්ර. යම් වස්තුවක චලිතයෙහි ත්වරණයක් ඇති කරන සමාන බලය.
සජාතීය සමාජය
නා. සමාන ජාති ඇති සමාජය ; එක සමාන ගති පැවතුම්වලින් යුක්ත සමාජය.
සජීව
1. වි. පණ ඇති ; ජීවමාන.
2. (පාරිභා.) විද්යුත් ධාරාවක් සහිත.
1. නා.ප්ර. පණ ඇති දෙය.
2. උස්සද නිරයන්ගෙන් එකක්.
සජීව චලනාංග
(පාරිභා.) නා.ප්ර. සත්ව විශේෂයක් ; ජලය මතුපිට ජීවත් වන ජලජ සත්තු.
සජීවයා
නා. ජීවමාන පුද්ගලයා.