සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1682
සඟළ පිටුව
නා. යුගල පිටු ; සම්පූර්ණ කොළය දෙකට නැමූ කඩදාසියේ ප්රමාණය ; ගණන් පොතේ පත් ඉරුව.
සඟළ වරල්
නා.ප්ර. යුගලය බැගින් ඇති වරල්.
සඟිබණ
නා.ප්ර. සූත්ර පිටකයෙහි ඇති බුද්ධ දේශනා.
සඟිය
නා. එකතුව ; සංගායනා කොට වර්ග කළ දහම් කොටස.
සඟු රුවන
නා. සංඝරත්නය ; භික්ෂු මහා සංඝයා.
සඟුළුව
1. නා. යුග්මය ; යුගලය.
2. ඔරුව ; අඟුළ.
3. ද්රෝණිය.
4. යටලීය.
සචර
වි. ඇවිදින ; හැසිරෙන.
සචරාචර
වි. චංචල හා නිශ්චල ; ජංගම හා ස්ථාවර.
සචල
වි. වංචල ; සෙලවෙන ; සැලෙන.
සචල භාර සාම්යයය
නා. ස්වල්ප චලනයක් ඇති වන්නා වූ ද චලනයට භාජන වූ වස්තුව මුලින් තිබුණු අයුරින් නොපිහිටන්නා වූ ද පිහිටීම්.
සචලතාව
නා. සචල බව ; සෙලවුම.
සච්ච
1. නා.ප්ර. සත්යය ; ඇත්ත.
2. මෝක්ෂය ; නිර්වාණය.
සච්චරිතය
නා. යහපත් කල් ක්රියාව ; මනා පැවැත්ම.
සච්චානුලෝමික ඥානය
නා. සත්යයට අනුලෝම වූ ඥානය ; විපස්සනා ඥානය.
සච්චාරිත්රය
නා. යහපත් සිරිත ; සුචරිතය.
සච්චාලිකභාව
නා.ප්ර. සත්ය හා අසත්ය භාවය.
සච්චිය
නා. විපත ; විනාශය.
සච්ඡිකාතබ්බ
වි. ප්රත්යක්ෂ කටයුතු වූ ; පැහැදිලි කර පෙන්විය යුතු වූ.
සච්ඡිකිරිය
නා.ප්ර. ප්රත්යක්ෂ කිරීම ; පැහැදිලි කිරීම.
සච්ඡිද්ර
වි. හිදැස් සහිත ; සිදුරු සහිත.
සච්ඡිද්ර අස්ථිය
නා. සිදුරු සහිත හෙවත් සවිවර පූරක ද්රව්යවලින් හා පටකවලින් සකස් වූ ඇටය.
සච්ඡිද්රත්වය
නා. සිදුරු සහිත බව ; සිදුරු ඇති බව.
සච්ඡින්ද පරිභෝගය
නා. තමා කැමති ප්රමාණයක් පරිහරණය කිරීම ; වැළඳීම.
සචිකිත්ස්ය
වි. ප්රතිකාර කළ හැකි වූ ; පිළියම් කළ හැකි වූ.