සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1681

සඞ්ක්ෂිප්තිය

නා. කෙටි බව ; ලුහුඬු බව ; සංක්ෂිප්ත බව.

සඞ්කාපර

වි. සැක සහිත.

සඞ්කේත ඵලය

(පාරිභා.) නා. සඞ්කේතවල ක්‍රියාකාරිත්වය.

සඞ්කේතක්ඛණය

නා. සලකුණු කරන ලද වේලාව ; නියම කළ මොහොත.

සඞ්කෝචනය

නා. හැකිළීම ; කුඩාවීම.

සඞ්ඛ මුක්තා

නා.ප්‍ර. මුහුදෙහි (හක්ගෙඩි තුළ) හටගන්නා මුතු විශේෂයක් ; මුතු බෙල්ලන් තුළ සෑදෙන මුතු.

සඞ්ඛතට්ඨය

නා. සංඛත ස්වභාවය ; හේතු ප්‍රත්‍ය එක්වීමෙන් හටගත් බව.

සඞ්ඛමය

වි. සක්වලින් තැනූ ; සකින් නිමි.

සඞ්ඛරියමාන

වි. (කර්ම විපාක විසින්) රැස් කරනු ලබන ; පිළියෙළ කරනු ලබන්නා වූ.

සඞ්ඛලනය

නා. පැකිළීම.

සඞ්ඛාර පස

නා. සංස්කාර නමැති ප්‍රත්‍යය ; පටිච්ච සමුප්පාදයේ දෙවැන්න.

සඟ

1. නා.ප්‍ර. සමූහය ; රාශිය.
2. සංඝයා වහන්සේ ; භික්ෂුව.
3. ඇලීම ; බැඳීම ; යමක් කෙරෙහි රාගයෙන් ඇලීම.

සඟ ගණ

නා.ප්‍ර. භික්ෂු සමූහය.

සඟතැන්

නා.ප්‍ර. සඟ පදවිය ; සංඝනායක තනතුර.

සඟතෙර

නා.ප්‍ර. සඞ්ඝ ස්ථවිර ; වැඩිමහලු භික්ෂූන් වහන්සේ.

සඟපවුරුණු

නා.ප්‍ර. සඞ්ඝ පවාරණය ; සඞ්ඝයා විසින් කරනු ලබන පැවරීම ; සංඝයාගේ දැනුම් දීම ; වස් පවාරණය කරන ක්‍රම තුනෙන් එකක්.

සඟපොහොය

නා. සංඝයා විසින් කරනු ලබන උපෝසථ කර්මය ; පොහොය කරන විධි තුනෙන් එකක්.

සඟබේ

නා.ප්‍ර. සංඝයා අතර ඇති සමඟිය නැති කිරීම ; සංඝභේදය ; සඟ බේදය.

සඟර

1. නා.ප්‍ර. සුවද විලවුන් ; අඞ්ගරාග.
2. කෙටියෙන් දැක්වීම ; සංක්ෂේපය.
3. ගිවිසුම ; පොරොන්දුව.
4. සංග්‍රහය ; සත්කාරය.

සඟරා

1. නා.ප්‍ර. සංග්‍රහය ; එකතුව ; ගොනුව.
2. මැනවින් සැලකීම ; සංග්‍රහය.

සඟල

1. නා.ප්‍ර. යුගල ; ජෝඩුව.
2. දෙපට සිවුර ; සඟළ සිවුර ; සංඝාටිය.

සඟවනවා

1. ක්‍රි. ආරක්ෂා කොට තබනවා.
2. වසා තබනවා ; හංගනවා ; වසං කරනවා ; නොපෙනෙන සේ තබනවා ; රහසේ ආවරණය කොට තබනවා.
3. පෙන්නුම් කරනවා ; හඟවනවා ; දක්වනවා.

සඟසතු

වි. සංඝයාට අයිති ; පොදුවේ භික්ෂු සංඝයාට අයත්.

සඟසරණ

නා.ප්‍ර. සංඝයාම උතුම් පිහිට කොට තැකීම.