සඨ

saṭha

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. කපටි ; කෛරාටික.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. කපටිබව (පා. සඨ)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. කපටි වූ; පු. කපටියා; වංචාකාරයා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. කෙරාටිකෙ, කෛරාටික වීමෙහි, සඨති, කපටි වෙයි.
√ චු. ගුණකථනෙ, ගුණකීමෙහි, සඨෙති, සඨයති, ගුණ කියයි.
√ චු. කෙරාටිකෙ, කෛරාටික වීමෙහි, සඨෙති සඨයති, සඨෙති, සඨයති, කෛරාටිකවෙයි.
පු. කපටියා, කෛරාටිකයා.
√ භු. බලක්කාරෙ, බලාත්කාරයෙහි, සඨති, බලාත්කාරකම් කරයි.
පු. සඨබව, කපටිබව.
√ චු. පටිසංඛරණෙ, සකස් කිරීමෙහි, ගමනෙ, යාමෙහි, සඨති, සඨයති, සකස් කරයි, යෙයි.
√ චු. අසම්බාභාසනෙ, මනාකොට නොබිණීමෙහි, සඨෙති සඨයති, මනාව නොබිණියි. (පි. 495)

Digital Pāḷi Dictionary