බුද්ධදත්ත පාලි අකාරාදිය – 689

සඤ්ඤොග

පු. එක් වීම; එක්තැන් කිරීම; සන්ධිය; සම්බන්ධය.

සඤ්ඤොජන

න. එක්කොට බැඳීම; එකට යෙදීම; බැම්ම.

සට

3. පැතුරුණු.

සට්ඨ

3. හැරදැමූ.

සට්ඨි

ඉ. හැට.

සට්ඨිහායන

3. අවුරුදු හැටක් වයසැති.

සට්ඨුං

නි. හැර දමන්ට.

සඨ

3. කපටි වූ; පු. කපටියා; වංචාකාරයා.

සඨතා

ඉ. කපටි බව.

සණති

(සණ+අ) නාද කෙරේ; ශබ්ද කෙරේ.

සණ්ඨපන

න. පිහිටුවීම; මනාසේ තැබීම.

සණ්ඨපෙත්වා

පූ.ක්‍රි. පිහිටුවා.

සණ්ඨපෙති

(සං+ඨා+ණා පෙ) පිහිටුවයි; මනාසේ තබයි.

සණ්ඨපෙතුං

නි. පිහිටුවන්ට.

සණ්ඨපෙන්ත

3. පිහිටුවන; පිහිටුවමින්; මනා‍සේ තබමින්.

සණ්ඨහන

න. නැවත පිහිටීම; නැවත හටගැන්ම.

සණ්ඨහිත්වා

පූ.ක්‍රි. පිහිටා.

සණ්ඨාති

(සං+ඨා+අ) නිශ්චල වේ; පවතී; පිහිටයි.

සණ්ඨාතුං

නි. පිහිටන්ට.

සණ්ඨාන

න. ආකාරය; පෙනීම; සටහන.

සණ්ඨිත

3. නැවතුණු; නිශ්චල වූ; පිහිටි.

සණ්ඨිති

ඉ. පැවැත්ම; පිහිටීම.

සණ්ඩ

පු. ගස් සමූහය; රොද; සමූහය.

සණ්ඩාස

පු. අඬුව.