බුද්ධදත්ත පාලි අකාරාදිය – 690

සණ්හ

3. තේරුම් ගැනීමට අපහසු; මට්ටම්; මෘදු; සියුම්.

සණ්හකරණී

ඉ. ඇඹරුම් ගල; මට්ටම් කිරීමට ගන්නා උපකරණය (හුණු හැන්ද වැනි).

සණ්හෙති

(සණ්හ+ණෙ) අඹරයි; මට්ටම් කරයි; සියුම් කරයි.

සත

න. සියය.
3. සිහි ඇති.

සතක

න. සියයේ සමූහය.

සතක්කකු

3. සියගණන් මුදුන් ඇති; සියගණන් මොල්ලි ඇති.

සතක්ඛත්තුං

ක්‍රි.වි. සියක් වරක්.

සතත

3. නිතර පවත්නා.

සතතං

ක්‍රි.වි. නිරන්තරයෙන්.

සතථගමනීය

3. තවලම් පිරිසක් සමග යා යුතු (මග).

සතධා

නි. සියක් ආකාරයකින්.

සතපත්ත

පු. කෑරලා.
න. නෙලුම්මල; පියුම.

සතපදී

3. කන්වෑයා; පත්තෑයා; සියක් පා ඇත්තා.

සතපල

3. පලම් සියයක් බරැති.

සතපාක

3. සියක් වරක් පැසවූ (තෙල් ආදිය).

සතපුඤ්ඤලක්ඛණ

3. සිය ගණන් පින් ලකුණු ඇති.

සතපොරිස

3. මිනිස් ප්‍රමාණ සියයක් ගැඹුරැති.

සතමූලී

ඉ. හාතාවාරිය.

සතරංසී

පු. සූර්යයා.

සතසහස්ස

න. ලක්ෂය.

සත්කරිත්වා

පූ.ක්‍රි. සත්කාර කොට.

සත්ත

3. ඇලුණු; හත; පු. ප්‍රාණියා; සත්වයා; සතා.

සත්තක

න. ‍හතේ සමූහය.

සත්තක්ඛත්තුං

ක්‍රි.වි. හත් වරක්.