සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 864
සඤ්ඤාගත
ති. දැනගත්, පෙණුන. (පි. 495)
සඤ්ඤාණ
න. දැනීම, නුවණ, ඥානය. (පි. 495)
සඤ්ඤාපන
න. දැන්වීම, නිවේදනය. (පි. 495)
සඤ්ඤාපෙති
ක්‍රි. (√ භු. ඤා. අවබොධෙ, දැනීමෙහි +ණෙ+ති) දන්වයි, උගන්වයි. (පි. 495)
සඤ්ඤාභව
පු. එනම් භවය.
න. සංඥා භවය, සංඥා ලෝකයෙහි පැවැත්ම. (පි. 495)
සඤ්ඤාමය
ති. සංඥාවෙන් නිපන්. (පි. 495)
සඤ්ඤාවිමොක්ඛ
න. සංඥාවෙන් වෙන්වීම. (පි. 495)
සඤ්ඤාවිරත්ත
ති. සංඥාවෙන් වෙන්වුනු. (පි. 495)
සඤ්ඤාවෙදයිතනිරොධ
පු. සංඥාවෙන් හා වේදනාවෙන් වෙන්වීම, (පි. 495)
සඤ්ඤි
න. දන්නාලද, දැනගත්.
ති. දැනගත්, අවබෝධ කරගත්. (පි. 495)
සඤ්ඤිවාද
පු. මරණෙන් පසු සිත පවතීයයි කියන කොටසක්, එනම් වාදය. (පි. 495)
සඤ්ඤීභාව
පු. එනම් භවය. (පි. 495)
සඤ්ඤොජන
න. ඈඳීම, සක්කායදිට්ඨි ආදි දශවිධ නීවරණයන්ට භාවිතා කරන නාමයක්. (පි. 495)
සට
√ භු. භණනෙ, බැණීමෙහි, සටති, බණියි.
√ භු. පීඩා, ගමනනිසෙධන විකිරණ අවයවෙසු, පීඩාවෙහි, ගමන් වැලැක්මෙහි, විසිරීමෙහි අවයයයෙහි, සටති, පීඩාවෙයි. (පි. 495)
සට්ට
√ චු. හිංසාදානසත්තිසු, පීඩාවෙහි ශක්තියෙහි දානයෙහි, සට්ටෙති, සට්ටයති, පෙළයි, ශක්තිමත් කරයි, දෙයි. (පි. 495)
සට්ඨි
ඉ. සැට, හැට, 60. (පි. 495)
සට්ඨිහායන
පු. ඇතා, ඇතා සැට වර්ෂයක් ආයු ඇත්තෙකි. (පි. 495)
සඨ
√ භු. කෙරාටිකෙ, කෛරාටික වීමෙහි, සඨති, කපටි වෙයි.
√ චු. ගුණකථනෙ, ගුණකීමෙහි, සඨෙති, සඨයති, ගුණ කියයි.
√ චු. කෙරාටිකෙ, කෛරාටික වීමෙහි, සඨෙති සඨයති, සඨෙති, සඨයති, කෛරාටිකවෙයි.
පු. කපටියා, කෛරාටිකයා.
√ භු. බලක්කාරෙ, බලාත්කාරයෙහි, සඨති, බලාත්කාරකම් කරයි.
පු. සඨබව, කපටිබව.
√ චු. පටිසංඛරණෙ, සකස් කිරීමෙහි, ගමනෙ, යාමෙහි, සඨති, සඨයති, සකස් කරයි, යෙයි.
√ චු. අසම්බාභාසනෙ, මනාකොට නොබිණීමෙහි, සඨෙති සඨයති, මනාව නොබිණියි. (පි. 495)
සඨිල
ති. බුරුල්, ලිහුණු. (පි. 495)
සඩි
√ භු. පඳුරුලීමෙහි, ගොඩකිරීමෙහි, සෙලවීමෙහි.
√ භු. රුජායං, රුදාවෙහි, සණ්ඩති, රිදේ. (පි. 495)
සණ
√ භු. දානෙ, දීමෙහි, සණති, දෙයි.
√ භු. අව්‍යත්තෙසද්දෙ, අව්‍යක්ත ශබ්දයෙහි, සණති, ශබ්ද කෙරෙයි.
√ චු. දානෙ, දීමෙහි, සණෙති, සණයති, දෙයි.
පු. හණ. (පි. 496)
සණති
ක්‍රි. (√ භු. දා, දානෙ, දිමෙහි +ති) දෙයි, දානය කරයි. (පි. 496)
සණධොපික
ති. හණ සේදීම. (පි. 496)
සණ්ඨ
පු. බට වර්ගයක්. (පි. 495)