අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 333

සංස්ථාව

නා. නීත්‍යනුකූල ව පිහිටුවන ලද ආයතනය (සං. සංස්ථා)

සංස්ථිතිය

නා. වෙනස් නොවී පැවතීම (සං. සංස්ථිති)

සංස්පර්ශය

නා. එකට ගැටීම (සං. සංස්පර්ශ)

සංස්පෘෂ්ඨ

වි. ස්පර්ශ කරන ලද; ගැටුණු; ගෑවුණු

සංස්වේදජ

නා.ප්‍ර. තෙතමනින් ඉපදීම

සංසිද්ධිය

නා. අදහස් ඉටුවීම/ සිදුවීම (පා. සං. සංසිද්ධි)

සංසිඳෙනවා

ක්‍රි. සමනය වෙනවා; නිවී යනවා

සංසේචනය

නා. ලිංගික වශයෙන් වෙනස් වූ ජන්මාණු දෙකක එක්වීම

සංහත

වි. එක් වූ; ඒකාබද්ධ වූ (සං. සංහත)

සංහරණය

නා. එක් කිරීම; නැසීම (සං. සංහරණ)

සංහිතාව

නා. අක්ෂර සන්ධි වී ගැළපීම/ එක් රැස් කිරීම/ වේද ග්‍රන්ථය/ සංග්‍රහය (සං. සංහිතා)

සංහිඳියාව

නා. සමථයකට පත්වීම

සකල

වි. සියලු; සමස්ත (පා. සං. සකල) නා.ප්‍ර. කුරුල්ලා (පා. සකුණ)

සක්කය

නා. අල්ලුව/ කුඩා ගල්කැබැල්ල

සක්කර

නා.ප්‍ර. කැට සීනි/ උක්පැණියෙන් කළ හකුරු/ කුඩා ගල්කැට (පා. සක්ඛරා සං. ශර්කර)

සක්කිලි

නා.ප්‍ර. දෙමළ කුලයක නාමයක් (දෙ. சக்கிலி)

සක්මන

නා. එහා මෙහා ඇවිදීම/ සක්මන් කරන ස්ථානය (පා. චඞ්කමන)

සක්වළ

නා. ලෝකධාතුව (සං. චක්‍රවාට)

සක්වාළිහිණියා

නා. ජලචර පක්ෂි විශේෂයක්

සක්‍රිය

වි. ක්‍රියාකාරී

සකි

නා.ප්‍ර. යහළුවා; මිත්‍රයා (පා. සං. සඛි)

සකුණ

නා.ප්‍ර. කුරුල්ලා/ කොවුලා/ ළිහිණියා (පා. සකුණ සං. ශකුන)

සකෘදාගාමී

නා.ප්‍ර. කාම භවයට උත්පත්ති වශයෙන් එක්වරක් පැමිණෙන ආර්යයා (සං. සකෘදාගාමීන් පා. සකදාගාමි)

සඛී

නා.ප්‍ර. මිත්‍රයා/ යෙහෙළිය (සං. සඛින්, සඛී)