අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 332

සංවෘති

වි. නිශ්චය කරන ලද; සම්මත වූ (සං. සංවෘති)

සංවේදනය

නා. ඉන්ද්‍රියයන් මාර්ගයෙන් දැනගැනීම (සං. සංවෙදන)

සංවේදි

වි. සියුම් දේ දැනෙන (සං. සංවෙද)

සංවේදිතාව

නා.ප්‍ර. ප්‍රතික්‍රියා පෙන්වීමට ඇති ශක්තිය

සංවේශනය

නා. මෙවුන්දම

සංශය

නා.ප්‍ර. සැකය; අවිශ්වාසය (සං. සංශය)

සංශ්ලේෂ

වි. මිශ්‍ර වීම සම්බන්ධ; ද්‍රව්‍ය සංකලනයෙන් යුතු; කෘත්‍රිම (සං. සංශ්ලෙෂ)

සංශ්ලේෂණ

වි. සංයෝගාත්මක; කෘත්‍රිම (සං. සංශ්ලෙෂණ)

සංශෝධනය

නා. පිරිසිදු කිරීම; අඩුපාඩු සකසා ශුද්ධ කිරීම (සං. සංශොධන)

සංශෝධිත

වි. දෝෂ හා අඩුපාඩු නිවැරදි කළ

සංසක්ත

වි. ඇලුණු; එක් වූ (සං. සංසක්ත)

සංසන්දනය

නා. සමාන අසමානකම් විමසා බැලීම (පා. සංසන්‍දනා)

සංසරණය

නා. හැසිරීම/ මුදල් වැනි දෙයක පැතිරීමේ ප්‍රමාණය (සං. සංසරණ)

සංසර්ගය

නා. එක්වීම; මෛථුනය (සං. සංසර්ග)

සංසල

වි. වෙවුලන; චංචල (පා. චඤ්චල සං. චංචල)

සංස්කරණය

නා. සකස් කිරීම (සං. සංස්කරණ)

සංස්කාරය

නා. හේතුප්‍රත්‍ය ධර්ම/ සකස් කිරීම/ උපත (සං. සංස්කාර)

සංස්කෘත

නා.ප්‍ර. සංස්කෘත භාෂාව/ සකස් කරන ලද්ද (සං. සංස්කෘත)

සංස්කෘතික

වි. සංස්කෘතියට අයත්

සංස්කෘතිය

නා. සකස් කරගත් දෙය; සමාජයක හැඩගැස්ම (සං. සංස්කෘති)

සංස්තවය

නා. එක් ව විසීම; තෘෂ්ණාව (සං. සංස්තව)

සංස්ථාන

නා.ප්‍ර. රූප සොබාව; මනා පිහිටීම; කඩවසම් බව (සං. සංස්ථාන)

සංස්ථාපනය

නා. මනා කොට පිහිටුවීම/ ව්‍යවස්ථාව/ සංවිධානය (සං. සංස්ථාපන)

සංස්ථාපිත

වි. මනා සේ පිහිටුවන ලද/ නීතිගත කරන ලද (සං. සංස්ථාපිත)