අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 347
සමෘද්ධ
වි. මුදුන් පැමිණි; වර්ධනය වූ (සං. සමෘද්ධ)
සමෘද්ධිය
නා. දියුණුව (සං. සමෘද්ධ)
සමෝච්චය
නා. උසින් සමාන වූව
සමෝධානය
නා. මනා ව පිහිටුවීම/ ඇතුළත්වීම/ සංකලනය (පා. සමොධාන)
සමෝෂ්ණ
වි. සමාන උෂ්ණත්වයක් ඇති
සයනය
නා. හිඳීම; නිදා ගැනීම/ ඇඳ (පා. සයන සං. ශයන)
සරඟ
නා. මුවා/ කෑඳැත්තා/ ඇතා වි. සුවඳ ඇති (සං. සාරංග)
සරණ
වි. පිහිටක් ඇති (පා. සරණ සං. ශරණ) නා.ප්‍ර. 1. හැසිරීම; පාදය (පා. සං. චරණ) 2. සිහි කිරීම (සං. ස්මරණ) 3. ආශ්‍රව සහිත ධර්ම (බෞ.සං. සරණ)
සරණ බන්ධනය
නා. ආවාහය හෝ විවාහය
සරණාගත
වි. පිහිට පතා පැමිණි
සරණාගමනය
නා. තෙරුවන් සරණ යෑම (පා. සරණාගමන)
සරණිය
නා. ශ්‍රේණිය/ පිළිවෙල/ සමූහය; එකතුව (සං. ශ්‍රේණි)
සරතැස
නා. වෙහෙස; විඩාව
සරනවා
ක්‍රි. ඇවිදිනවා; සංචාරය කරනවා
සරනේරුව
නා. දොර ජනෙල් ආදියෙහි පියන් සවි කිරීමට ගන්නා උපකරණයක්; අසව්ව
සරභඤ්ඤ
නා.ප්‍ර. ගීතයක් මෙන් ස්වර නගා කීම (පා. සරභඤ්ඤ)
සරඹ
නා.ප්‍ර. අවි පුහුණුව/ ශාරීරික ව්‍යායාමය
සරල
වි. ලිහිල්/ ඍජු/ තනි/ සාමාන්‍ය (සං. සරල)
සරලුව
නා. හැන්ද/ ස්වල්පය/ දුන්න
සරස
වි. රස සහිත නා.ප්‍ර. විල
සරසි
නා.ප්‍ර. පියුම් විල; ජලරාශිය (පා. සරසී)
සර්පිලාකාර
වි. ඉස්කුරුප්පුවක පොට මෙන් දඟර වැටුණු; මණ්ඩලාකාර වූ
සර්වඥ
වි. දත යුතු සියල්ල දත්; බුදුරජුන් (සං. සර්වඥ)
සර්වඥතාඥාන
නා.ප්‍ර. සියල්ල දන්නා නුවණ