සරණ
saraṇa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. පිහිටක් ඇති ; ආරක්ෂාවක් ඇති ; උපකාර වන.
2. හැසිරෙන ; ඇවිදින ; සංචාර කරන.
3. සරසන ලද ; අලංකෘත.
1. නා.ප්ර. බුද්ධ, ධර්ම, සංඝ යන රත්න තුන ; රත්නත්රය.
2. පිහිට වන දෙය ; ආරක්ෂාව ; පිහිට.
3. කරකාර බැඳීම ; විවාහය.
4. හැසිරීම; සංචාරය.
5, පාදය ; චරණය.
6. සිහි කිරීම ; මතක් කිරීම.
7. රාගාදි කෙලෙස් ආශ්රව සහිත ධර්ම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. පිහිට වන; උපකාර වන (සං. ශරණ පා. සරණ)
වි. පිහිටක් ඇති (පා. සරණ සං. ශරණ) නා.ප්ර. 1. හැසිරීම; පාදය (පා. සං. චරණ) 2. සිහි කිරීම (සං. ස්මරණ) 3. ආශ්රව සහිත ධර්ම (බෞ.සං. සරණ)
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. උපකාරය; පිහිට; සිහි කිරීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. නිවන, හිංසාව, ගෘහය, රක්ෂා කරන්නා, රක්ෂණය, පිහිට, සිහිකිරීම. (පි. 512)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. refuge
Digital Pāḷi Dictionary
- saraṇa 2.1 adj harmful; malign; unpeaceful; (comm) defiled [sa + √raṇ + a]
- saraṇa 1.1 nt shelter; refuge; help; epithet of Nibbāna [√sar + aṇa]
- saraṇa 3.1 nt
- saraṇa 1.2 nt house; home; shelter [√sar + aṇa]
- saraṇa 1.3 nt walking stick; staff [√sar + aṇa]