සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1734
සරක්කු
නා.ප්‍ර. කුළු බඩු ; ව්‍යංජනයක් රසවත් කිරීම සඳහා යොදන දුරු මිරිස් ආදි ද්‍රව්‍ය.
සරක්කුව
1. නා. මුරපොළ.
2. සීමාවන් වෙන් කිරීම සඳහා බැඳුණු තාප්පය.
සරකැකුල
නා. පියුම් පොහොට්ටුව.
සරග
1. නා.ප්‍ර. මෘග විශේෂයක්.
2. කෑඳැත්තා.
3. ඇතා.
1. වි. සුවඳවත්.
2. වර්ණවත්.
සරගන
වි. සංචාරය කරන ; හැසිරෙන.
සරණ
1. වි. පිහිටක් ඇති ; ආරක්ෂාවක් ඇති ; උපකාර වන.
2. හැසිරෙන ; ඇවිදින ; සංචාර කරන.
3. සරසන ලද ; අලංකෘත.
1. නා.ප්‍ර. බුද්ධ, ධර්ම, සංඝ යන රත්න තුන ; රත්නත්‍රය.
2. පිහිට වන දෙය ; ආරක්ෂාව ; පිහිට.
3. කරකාර බැඳීම ; විවාහය.
4. හැසිරීම; සංචාරය.
5, පාදය ; චරණය.
6. සිහි කිරීම ; මතක් කිරීම.
7. රාගාදි කෙලෙස් ආශ්‍රව සහිත ධර්ම.
සරණ සෛලය
(පාරිභා.) නා. තැනින් තැන සංචරණය වන හයිඩ්‍රා වැනි සෛල.
සරණාගමනය
නා. බුද්ධාදි රත්නත්‍රය සරණ යාම ; තුනුරුවන තමාට පිහිට යැයි සැලකීම.
සරණීය
1. නා. මාර්ගය ; මාවත.
2. ධාරාව ; ශ්‍රේණිය.
3. පිළිවෙල ; ශෛලිය ; ක්‍රමය.
4. (පාරිභා.) වර්ගය ; පන්තිය.
සරඬුව
නා. ඇඹරූ නූල් ගුළිය ; හූ වැටිය ; නූල් කැටිය.
සරත
නා.ප්‍ර. ශ්රාන්තභාවය ; විඩාව.
සරතස
නා. ශ්‍රාන්ත භාවය ; වෙහෙස ; විඩාව.
සරත්
නා.ප්‍ර. ප්‍රධාන සෘතු හතරෙන් එකක් ; ශරත් සෘතුව.
සරද
1. නා. බලය ; පරාක්‍රමය.
2. සරත් සෘතුව.
සරදම
නා. විහිළුව ; කවටකම.
සරනේරුව
නා. දොර ජනෙල් අල්මාරි පෙට්ටි ආදියෙහි පියන් ඇරීමට වැසීමට හැකි වන සේ සවි කරන ලෝහමය අවයවය.
සරපථ
(පාරිභා.) වි. මැද තිබෙන ; මධ්යවර්තී.
සරපස
නා. අනංගයා ; පස්හී ; කාමදේවයා.
සරප්
නා.ප්‍ර. ආයතනයක මුදල් අංශයේ ප්‍රධානයා.
සරබන්ධු
නා.ප්‍ර. සූර්යයා.
සරම
1. නා. ශ්‍රමය ; උත්සාහය ; වෙහෙස.
2. සරඹ ; ශාරීරික අභ්‍යාස.
3. පිරිමි අඳින වස්ත්‍ර විශේෂයක්.
සරම්ප
නා.ප්‍ර. උණ, ඩහදිය ගැලීම, පලු නැගීම ආදිය ඇති කරන වයිරසයකින් හටගන්නා බෝවෙන රෝගයක්.
සරඹ
නා.ප්‍ර. ශාරීරික ව්‍යායාමය ; ශිල්ප පුහුණුව.
සරල
1. වි. ලිහිල් ; අවුල් රහිත ; පහසු ; අසංකීර්ණ.
2. ඍජු ; කෙළින් පිහිටි.
3. තනි ; අමිශ්‍ර.
4. සාමාන්‍ය ; චාම් ; සුළු.