සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1733
සයිනෝසිස්
(පාරිභා.) නා.ප්‍ර. ඔක්සිජන් විරහිත ලේ තිබීම හේතුවෙන් සම නිල්පැහැය ගැනීම.
සයිනෝහෘත්කර්ණික ගැටය
(පාරිභා.) නා. ශිරා රුධිරාශය සම්බන්ධී හෘත්කර්ණිකාවේ ඇති ගැටය.
සයිපනය
(පාරිභා.) නා. භාජනයක ඇති ද්‍රව්‍යයක් හෝ ද්‍රවයක් වායුව ජලය වැනි පීඩන මාර්ගයකින් ඉවත් කිරීමේ නළය හෝ උපකරණය.
සයිපරේසි
(පාරිභා.) නා.ප්‍ර. කලාඳුරු ස්වරූපය ඇති ශාක විශේෂය හඳුන්වන උද්භිද නාමය.
සයිප්‍රස්
නා.ප්‍ර. සමශීතෝෂ්ණ කලාපය නිජබිම් කොට ගත්තා වූ ද ඉඳිකටු වන් කොළ ඇත්තා වූ ද සදාහරිත ශාක වර්ගයක්.
සයිමූම්
(පාරිභා.) නා.ප්‍ර. උෂ්ණ අරාබි කාන්තාරය හරහා හමන දූවිලි බර උණුසුම් වියළි සුළඟක්.
සයිමේස්
(පාරිභා.) නා.ප්‍ර. කාබෝහයිඩ්‍රේට්වල මද්යසාරයීය පැසවීම ඇති කරන එන්සයිම රාශියකින් එකක්.
සයිමෝජන්
(පාරිභා.) නා.ප්‍ර. එන්සයිමයක් පහළවීමට පෙර ශාක හා සතුන් විසින් සාදාගනු ලබන උත්ප්‍රේරකයක් නොවන ද්‍රව්‍යයක්.
සයිරන් තැටිය
(පාරිභා.) නා. සයිරන් නලාවේ පීඩනයට හමු ව කැරකෙන පියනක් වැනි තැටිය.
සයිරම
නා. නැව් ආදියේ විවිධ කාර්ය සැලසීමටත්, වතු වැඩපළවල් ආදියේ සේවක වැඩ මුරය ආරම්භය නිමාව දැක්වීමටත් භාවිතා වන නලා විශේෂයක්.
සයිරිතුව
නා. සෘතු හය.
සයිලන්සරය
නා. යන්ත්‍රයක හෝ හඬ නගන වෙන යම් උපකරණයක ශබ්දයේ තීව්‍රතාව අඩු කරන උපකරණය.
සයිලෝරුවා
නා. සමුද්‍ර යාත්‍රිකයා ; නැව්වල සේවය කරන්නා.
සයිලෝව
නා. ධාන්‍ය සත්ව ආහාර ආදිය සුළං නොවදින සේ රැස්කර තබන විශාල බිස්සක් වැනි ඉදිකැරුම.
සයුකල
නා. සෘතුකාල සය.
සයුර
නා. සාගරය ; සමුද්‍රය.
සයුරස
නා.ප්‍ර. සාගරය සමීපය ; සමුද්රාසන්නය.
සයුරෝර
නා.ප්‍ර. සාගරාභ්යන්තරය ; සමුද්‍ර ගර්භය.
සර
1. වි. සාරවත් වූ ; වටිනා.
2. හැසිරෙන ; ගැවසෙන.
3. ස්ථිර ; තහවුරු.
1. නා.ප්‍ර. සාරවත් දෙය ; වටිනා දේ.
2. විල ; තඩාගය.
3. නෙළුම් මල ; පියුම.
4. ශරත් කාලය ; සරත් සෘතුව
5. සුරඟන ; දෙවඟන.
6. කත ; කාන්තාව.
7. ඊතලය ; ශරය.
8. ස්වරය ; ශබ්දය.
9. සිරිත ; චරිතය.
10, සොරොවුව.
11. ස්වරූපය ; ආකාරය.
12. බොහෝ කාලය ; චිරකාලය.
13. බටගස.
සරංසය
(පාරිභා.) නා. මිශ්‍රණය ; සංයෝගය.
සරංසීකරණය
(පාරිභා.) නා. සම්මිශ්‍රණය කිරීම ; ඒකාබද්ධ වීම හෝ කිරීම.
සරකය
නා. බොන භාජනය ; කෝප්පය.
සරකලාපය
නා. ශර කලාපය ; ඊතල මිටිය.
සරක්කලය
(කථා.) නා. පිළියෙල කළ ආහාර කෑමට පෙර තබන ස්ථානය.