සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1732
සයනෝසිස්
(පාරිභා.) නා.ප්‍ර. රුධිරයෙහි ඔක්සිජනී භවනය අඩුවීම නිසා හම සහ ශ්ලේෂ්මල පටල නිල් පාට වීම.
සයම්භු
වි. තමන් ම හට ගැනුණ ; අනුන්ගේ උපකාරයක් නැති ව උපන්.
1. නා.ප්‍ර. බුදුරජාණන් වහන්සේ.
2. මහා බ්‍රහ්මයා.
සයර
නා. මහා සාගරය ; සමුද්‍රය.
සය්යාව
නා. සයනය ; ශයනාගාරය.
සයාන
(පාරිභා.) වි. මුණින් වැටී හෝ දිගා වී සිටින.
සයිකලය
නා. බයිසිකලය ; පාපැදිය.
සයික්
නා.ප්‍ර. ආත්මය ; ප්‍රාණ වායුව ; ජීව ධාරාව.
සයික්සී
නා.ප්‍ර. තුදුස්වක් පොහොය.
සයිකෝසියාව
(පාරිභා.) නා. මානසික විපරීතතාව ; උමතුව.
සයිගොස්පීනය
(පාරිභා.) නා. සර්පයන්ගේ, කටුස්සන්ගේ කශේරුකාවල ඉදිරි කෙළවරේ තිබෙන අමතර සන්ධානයක්.
සයිච්ඡාපර
වි. සිය කැමැත්තට අනුව ; තම අභිමතයට අනුව.
සයිටය
(පාරිභා.) නා. රුධිරයේ ඇති සෛල හෙවත් අණු විශේෂය.
සයිට්‍රික් අම්ලය
(පාරිභා.) නා. ගඳ සුවඳක් හෝ වර්ණයක් හෝ රහිත සැර අම්ලයක්.
සයිටේස
(පාරිභා.) නා.ප්‍ර. සෙලියුලෝස් බිඳ හෙළිය හැකි එන්සයිමයක්.
සයිටොසීන්
(පාරිභා.) නා.ප්‍ර. නයිට්රජන භස්ම වර්ග හතරින් එක් වර්ගයක්.
සයිඩර්
නා.ප්‍ර. පලතුරු යුෂ පැසවා සාදාගන්නා මද්‍ය පානයක්.
සයිඩ්මය
නා. දුම්රිය මාර්ගයෙන් පිටත දුම්රිය හෝ දුම්රිය කොටස් නවතා තැබීම සඳහා දුම්රිය පොළක ඇති කෙටි මාර්ග කොට්ඨාසය.
සයිතන්සිය
(කථා.) නා. 1. වූ දෙය ; සිදු වූ කරුණ.
2. කරදරය ; විපත.
සයිත්
නා.ප්‍ර. දිග, මඳක් නැමුණු තලයකින්ද නැමුණු මිටකින් ද යුත් ලොකු දෑකැති විශේෂයක්.
සයිදැන්සියම
නා. විපත ; අනතුර.
සයිනය
(පාරිභා.) නා. සෘජුකෝණී ත්‍රිකෝණයක සම්මුඛ පාදයක දිග කර්ණයට දක්වන අනුපාතය.
සයින් පොහෝ
නා.ප්‍ර. තුදුස්වක් පොහොය.
සයිනුස්
(පාරිභා.) නා.ප්‍ර. ඇටවල හෝ පටකවල සිදුර.
සයිනෝ-හෘත්කර්ණික කපාටය
(පාරිභා.) නා. ශිරා රුධිරාශයීය දකුණු හෘත්කර්ණිකාවට රුධිරය ගමන් කරන විවරය.