සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1731
සමෝච්ච
(පාරිභා.) වි. සමාන උසක් ඇති ; උසින් සම වූ.
සමෝච්ච රේඛාව
(පාරිභා.) නා. භූමියේ එක හා සමාන උස ඇති ලක්ෂ්ය යා කරමින් අඳිනු ලබන රේඛාව ; සම උස ඇති ලක්ෂ්ය යා කරන කල්පිත රේඛාව.
සමෝධානය
1. නා. මනාව පිහිටුවීම ; මැනවින් එක් කිරීම ; සංකලනය.
2. අන්තර්ගතවීම.
සමෝන්නතෝදර
[සම + උන්නතෝදර]
(පාරිභා.) වි. පැත්තක් සම වූ පැත්තක් උන්නතෝදර වූ ; සම-උත්තල.
සමෝන්නතෝදර ලෙන්සය
(පාරිභා.) නා. පැත්තක් සම වූ ද අනෙක් පැත්ත උත්තල වූ ද ලෙන්සය.
සමෝෂ්ණ
සඹර
නා.ප්ර. සමූහය ; රාශිය.
සඹුක්කුව
නා. කසය.
සය
1. නා. බඩගින්න ; ක්ෂුධාව.
2. ක්ෂයවීම ; හීනවීම.
3. ක්ෂය රෝගය.
4. සියය.
5. සත්යය ; සැබෑව.
6. ශයනය ; යහන.
වි. ස්වකීය ; තමාට අයත් වූ.
සයං
ක්රි.වි. තෙමේ ම ; ඉබේ ; ස්වයං.
සයංජාත
වි. ඉබේ හටගත් ; නිරුත්සාහික ව ඇති වූ.
සයංපාකය
නා. තමා විසින් පිසින ලද භෝජනය.
සයංසිද්ධ
වි. ඉබේ සිදු වන ; ප්රයත්නයක් නැති ව ඉටු වන.
සයට්කාව
(පාරිභා.) නා. තට්ටම ප්රදේශයෙහි වැලඳෙන රෝගයක්.
සයන දශකය
නා. මනුෂ්ය ජීවිතයේ අවසාන අවුරුදු දහය.
සයනජන්
(පාරිභා.) නා.ප්ර. ගඳක් සහිත වර්ණයක් නැති විෂ වායුවක්.
සයනමයිඩ්
(පාරිභා.) නා.ප්ර. රසායනික සංයෝගයක නාමය.
සයනය
1. නා. නිඳීම සඳහා භාවිත කරනු ලබන ගෘහභාණ්ඩය ; ඇඳ.
2. නින්ද ; වැතිරීම.
සයනයිඩ්
(පාරිභා.) නා.ප්ර. උග්ර විෂයක් වන හයඩ්රොසයනික් අම්ලයේ ලවණ.
සයන්කල
නා. හිරු බැස යාමෙන් පසු කාලය ; කළුවරවීමට පෙර කාලසීමාව ; සැන්දෑව.
සයනාසන
1. නා.ප්ර. වැතිර සිටීම හා හිඳ ගැන්ම සඳහා භාවිත ඇඳ පුටු ආදිය.
2. සෙනස්න ; සේනාසනය.
සයනි
නා.ප්ර. ඇස් කොනින් බලන බැල්ම.
සයනික් අම්ලය
(පාරිභා.) නා. සයනජන්, ඔක්සිජන් හා හයිඩ්රජන් අන්තර්ගත අම්ලයක්.
සයනිඝරය
නා. නිදන ගෙය ; සයනාගාරය.