සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1730
සමුපගත
වි. මනා සේ ළඟට පැමිණි ; සමාගත.
සමුපචිත
වි. මනා කොට රැස් කරන ලද ; එකතු කළ.
සමුපජාත
වි. මනා ව හටගත් ; පහළ වූ.
සමුපලක්ෂිත
වි. මනා ලෙස ගැවසීගත් ; සුදුසු අංගයන්ගෙන් මනා ලෙස අලංකෘත වූ.
සමුපේත
වි. යුක්ත ; එක් වූ.
සමුව
1. නා.ප්‍ර. ඉදිරිය ; සම්මුඛය.
2. ඒකරාශී වීම ; රැස්වීම ; හමුව.
3. මුහුණු සයක් ඇත්තා ; කඳකුමරු.
සමුස්සිත
වි. ඔසොවන ලද ; නංවන ලද.
සමුළුව
නා. සමූහයක් ඵක් ව පවත්වන රැස්වීම ; මුළුව ; සම්මේලනය.
සමූල
ක්‍රි.වි. මුළුමනින් ම ; සහමුලින් ම ; සම්පූර්ණයෙන් ම.
සමූලෝත්පාටනය
සමූහ
නා.ප්‍ර. පිරිස ; විශාල සංඛ්‍යාව ; එකතුව.
සමූහ කට්ටුව
(පාරිභා.) නා. විනිශ්චයකරුවන් පස දෙනකුගෙන් හෝ හත් දෙනකුගෙන් යුත් මණ්ඩලය.
සමූහ ක්‍රියාකාරිත්වය
(පාරිභා.) නා. සමූහයක් වශයෙන් ක්‍රියාවෙහි යෙදීම.
සමූහ ගණන
(පාරිභා.) නා. වර්ගවලට බෙදා වෙන් කළ සංඛ්‍යාව.
සමූහ ගායනය
නා. පිරිසක් එක් ව කරන ගායනය ; සමූහයක් විසින් කරනු ලබන ගායනය.
සමූහ පරීක්ෂණය
(පාරිභා.) නා. කණ්ඩායම් වශයෙන් බෙදා සිදු කරන පරීක්ෂණය.
සමූහ ඵලය
(පාරිභා.) නා. ළඟ ළඟ පිහිටි මල්වලින් සෑදුණු ඵලය.
සමූහනය
(පාරිභා.) නා. එක්වීම ; සමූහ බවට පත්වීම ; රාශිභූත වීම.
සමූහවාසී
වි. රංචු වශයෙන් ජීවත් වන ; පිරිස් වශයෙන් වසන.
සමූහසරණය
(පාරිභා.) නා. (කුඩාසතුන්) විශාල සංඛ්‍යාවක් එක්ව ගමන් කිරීම හෝ හැසිරීම.
සමූහස්ථ
(පාරිභා.) වි. සමූහයක් බවට පත් වූ ; සමූහ වශයෙන් ජීවත් වන.
සමූහාණ්ඩුව
නා. මහජනයා විසින් තෝරා පත්කර ගන්නා නියෝජිතයන් මාර්ගයෙන් ගෙන යන ජනරජය.
සමෘද්ධ
වි. මුදුන් පැමිණි ; සඵල වූ.
සමෘද්ධිය
නා. දියුණුව ; ප්‍රගතිය ; සංවර්ධනය.