සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1729
සමුද්ධරණය
නා. ඉදිරිම ; උඩට නැංවීම.
සමුද්ධෘත
1. වි. උද්ධරණය කළ ; ඇද ගන්නා ලද.
2. උදුරන ලද.
සමුද්භවය
නා. ඇති වීම ; හටගැනීම ; ප්රභවය ; පහළවීම.
සමුද්භූත
වි. හටගත් ; උපන් ; පහළ වූ.
සමුද්‍ර
1. නා. පෘථිවි පෘෂ්ඨයෙන් 70% ක් වසා සිටින ජලස්කන්ධය ; සාගර.
2. සංගීතයේ රාග දෙතිසෙන් එකක්.
3. ඖෂධීය ලවණ වර්ගයක් ; මුහුදු ලුණු.
4. ග්‍රහ යෝගයක්.
වි. සමුද්‍රය හා සම්බන්ධ ; සාමුද්‍රික.
සමුද්‍ර ඛාදනය
(පාරිභා.) නා. මුහුදු කෑම ; මුහුදේ ක්‍රියාකාරිත්වය නිසා ගොඩබිම ටිකෙන් ටික විනාශ වී යෑම.
සමුද්‍ර ප්‍රවාහය
නා. මුහුදෙහි සැඩපහර ; මුහුදු දියවැල.
සමුද්‍ර ශාස්ත්‍රඥයා
(පාරිභා.) නා. සමුද්‍රය පිළිබඳව විද්‍යාත්මක දැනුම ලද තැනැත්තා.
සමුද්‍ර සන්ධිය
නා. ගොඩබිම් දෙකක් වෙන් කරන පටු මුහුදු තීරුව ; සාගර ප්‍රදේශ දෙකක් යා කරන පටු මුහුදු තීරුව.
සමුද්‍රඝෝෂ
1. නා.ප්‍ර. මුහුදේ ඝෝෂාව ; මුහුදේ හඬ.
2. පැදි විරිත ; මුහුදු රළ හඬ අනුව උස් පහත් ස්වරයෙන් ගයනු ලබන මාත්‍රා දහ අටකින් ද, මාත්‍රා දහයෙන් හා අටෙන් යතිය ද සහිත සිවුපද විරිත.
සමුද්රජ
වි. මුහුදෙහි උපන් ; සමුද්‍ර ආශ්‍රිතව හටගත්.
සමුද්රනිධිය
(පාරිභා.) නා. මුහුදු පත්ලෙහි තැන්පත්ව ඇති ද්‍රව්‍ය.
සමුද්‍රස්ථ
වි. මුහුදෙහි වූ ; සමුද්‍රයෙහි පිහිටි.
සමුද්‍රස්ථ චලනය
නා. මුහුදෙහි චංචල භාවය.
සමුද්රාන්තය
නා. මුහුදු වෙරළ ; මුහුදුබඩ.
සමුද්‍රීය
වි. මුහුදු සම්බන්ධ.
සමුද්‍රීය ලුණ්ඨනය
නා. මුහුදු මංකොල්ලය ; මුහුදු යාත්‍රිකයන් වෙනත් යාත්‍රාවලට පැන ඒවායේ ඇති වස්තු කොල්ලකෑම.
සමුදා
1. නා.ප්‍ර. රාශිය ; සමූහය.
2. සේනාව ; හමුදාව.
සමුදිත
වි. සම්මත ; පිළිගත් ; යුක්ත වූ.
සමුදුර
නා. මුහුද ; සමුද්‍රය ; සාගරය.
සමුන්නතිය
1. නා. මට්ටමින් වැඩි වීම ; උස්වීම.
2. උස්බව.
3. උසස් වීම.
සමුන්මූලිත
වි. මුලින්ම උපුටන ලද ; මුලිනුපුටා දමන ලද.
සමුපකාර ක්‍රමය
1. නා. සමූහයක් වශයෙන් එකතු වී ඔවුනොවුන්ට උපකාරවීමේ සංවිධානාත්මක ක්‍රමය.
2. සාධාරණ මිලට භාණ්ඩ අලෙවි කිරීමේ ක්‍රමය.
සමුපකාරය
1. නා. මනා සේ එකිනෙකාට උපකාරවීම.
2. සාධාරණ මිලට භාණ්ඩ හා සෙවා සැපයීම සඳහා පවත්වාගෙන යන වෙළඳ ව්‍යාපාරය ; සමුපකාර කඩය.