සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1728
සමුච්චිත
වි. සමුච්චය කරන ලද ; පිඬු කරන ලද.
සමුච්ඡ්රිත
වි. මනාව විහිදුවන ලද ; ඉහළට ඔසවා හළ.
සමුච්ඡින්න
වි. සහමුලින් ම නසන ලද ; මුලින් ම දුරු කළ.
සමුච්ඡේදක
වි. සිඳින ; කපන ; දුරු කරන.
සමුච්ඡේදනය
නා. සහමුලින් ම නැසීම ; මූලෝත්පාටනය.
සමුචිත
වි. යෝග්‍ය ; ගැළපෙන.
සමුජ්වලිත
වි. බබළන ; මනාව දිලිසෙන ; දීප්තිමත්.
සමුට්ඨානය
නා. ප්රභවයට මුල්වන කාරණය ; සමුත්ථානය ; ප්රභවය.
සමුඩු
වි. සරුසාර ; සමෘද්ධ ; දියුණු.
සමුණ
1. නා. ස්වාමියා ; ස්වාමිපුරුෂයා.
2. ශ්‍රමණයා.
සමුත්තාලම
නා. පුරාණ තාලම් තූර්ය භාණ්ඩයක්.
සමුත්ථාපනය
නා. මනාව පිහිටුවීම ; මහත් උද්යෝගය.
සමුත්පත්තිය
නා. ආරම්භය ; උත්පත්තිය ; ඉපදීම.
සමුත්පන්න
වි. ඉපදුණු ; හටගත්; ආරම්භ වූ.
සමුත්පාටනය
නා. මුලින් උපුටා දැමීම ; සහමුලින් ම විනාශ කිරීම.
සමුත්පාදය
නා. ඇති වීම ; මනාව ඉපදීම.
සමුදය
1. නා.ප්‍ර. ඉපදීම ; හටගැනීම.
2. බුදු දහමෙහි දැක්වෙන ආර්ය සත්‍ය සතරින් දෙවැන්න ; සමුදය සත්‍යය ; දුක ඉපදීමට හේතු වූ කාරණය වන තෘෂ්ණාව.
3. සමූහය ; රාශිය.
සමුද්ගත
වි. ඇති වූ ; පහළ වූ ; උඩට නැඟුණු.
සමුද්ගමය
නා. ඇතිවීම ; උදාවීම ; හටගැනීම.
සමුද්ගය
නා. කරඬුව ; පෙට්ටිය ; මංජුසාව ; හෙප්පුව.
සමුද්ගිරණය
නා. උඩට නැඟීම ; වැමෑරීම.
සමුද්ගීර්ණ
1. වි. වැමෑරූ.
2. මොනවට පැවැසූ ; මනා ලෙසින් ප්‍රකාශිත.
සමුද්ඝාටනය
නා. උගුළා දැමීම ; මුලිනුපුටා දැමීම ; සමුද්ඝාතනය.
සමුද්දීපනය
නා. මනාව බැබළවීම ; ප්‍රකට කිරීම.