සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1727
සමිද්ධ
වි. සමෘද්ධ වූ ; සශ්රීක ; සාර්ථක වූ.
සමිඳු
නා.ප්ර. උතුම් ස්වාමියා ; ප්රධාන ස්වාමියා.
සමීකරණය
(පාරිභා.) නා. 1. සම කිරීම ; සම සේ සැලකීම.
2. (පාරිභා.) සමානත්වය පිළිබඳ සංකේතාත්මක ප්රකාශනය ; රසායනික ප්රතික්රියාවක් දක්වන රසායනික අංකනය.
සමීක්ෂකයා
නා. යමක් ගැන තුලනාත්මක ව කරුණු විමසා බලන්නා ; සෝදිසි කරන්නා ; විමසිල්ලෙන් කරුණු පරීක්ෂා කරන්නා.
සමීක්ෂණය
නා. අදාළ කරුණු සලකා බැලීම ; පරීක්ෂා කිරීම ; සෝදිසි කිරීම.
සමීප
වි. අසල ; ආසන්න.
නා.ප්ර. ආසන්නය ; ළඟ ; අසල ප්රදේශය.
සමීප බද්ධය
(පාරිභා.) නා. පිහිටි කඳින් වෙන් නො කොට ම බද්ධ කිරීම ; ආරුක්කු බද්ධය.
සමීපදෘෂ්ටිය
(පාරිභා.) නා. ළඟ පමණක් පෙනීම ; අල්ප දෘෂ්ටිය.
සමීපස්ථ
වි. ළංව සිටින ; ආසන්නතම ; ළඟම පිිහිටි.
සමීරණ
1. නා.ප්ර. වාතය ; සුළඟ.
2. ඖෂධීය ශාකයක නාමය ; හෙළවරා.
සමීරණ පථය
නා. සුළඟ පවතින පථය වන ආකාශය ; අහස් මඟ ; සුරමඟ.
සමීරය
නා. මාරුත ; සුළඟ ; පවන.
සමු
1. නා.ප්ර. අවසරය.
2. ඉදිරිය ; සම්මුඛය ; හමුව.
සමුක්කාලම
නා. සාළුව ; කම්බිලිය ; ඇතිරිල්ල.
සමුක්කාව
නා. දුර බලන කණ්ණාඩි විශේෂයක් ; දුරදක්නය.
සමුක්කුව
නා. අශ්වයාට තළන කසය ; සබුක්කුව.
සමුක්ති
නා.ප්ර. එකතුව ; සමූහය.
සමුග
නා.ප්ර. සමුද්ගය ; කරඬුව ; හෙප්පුව.
සමුග්ඝටනය
නා. උදුරා දැමීම ; ඉවත් කිරීම.
සමුග්ඝාතනය
නා. නැසීම ; වැනසීම.
සමුච්චය
නා.ප්ර. සමූහය ; රාශිය ; කැටි කිරීම ; පිඬු කිරීම ; සම්බන්ධ කිරීම.
සමුච්චය ඡන්දය
(පාරිභා.) නා. රාශිභූත ඡන්දය ; ක්රමයෙන් එකතු වන ඡන්දය.
සමුච්චය වාදය
(පාරිභා.) නා. සෑම දර්ශනවාදයකින්ම තෝරා ගත් සාරය එක් කොට සකස් කර ගත් දර්ශන වාදය ; සාර සංග්රහ වාදය.
සමුච්චයාර්ථය
[සමුච්චය + අර්ථය.]
නා. එක් කිරීමේ අර්ථය ; සම්පිණ්ඩනය කළ අර්ථය.