සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1726
සමායාචනය
නා. අයැදීම ; ඉල්ලීම.
සමායුක්ත
වි. යෙදුණු ; එකට බැඳුණු ; සංයුක්ත වූ.
සමායෝගය
නා. එකට එක්වීම ; බැඳීම ; එක් ව යෙදීම.
සමායෝජනය
(පාරිභා.) නා. එකකට එකක් ගැළපෙන පරිදි සකස්කිරීම.
සමාර
1. නා.ප්‍ර. හමාර ; භාගය ; අර්ධය.
2. අන්තිම ; කෙළවර.
සමාරම්භය
නා. ආරම්භය ; මුල ; පටන් ගැන්ම.
සමාරාධනය
නා. සතුටින් කරන ඇරියුම ; යහපත් ආරාධනය.
සමාරුත
වි. මාරුත සහිත.
සමාරූඪ
වි. උඩට නැඟුණු ; අසුන්ගත්.
සමාරෝපණය
නා. නැංවීම ; ඉදිරිපත් කිරීම.
සමාරෝහණය
නා. පිළිවෙලින් ඉහළට නැඟීම.
සමාලෝචනය
නා. සුපරික්ෂාකාරීව බැලීම ; නැවත සලකා බැලීම.
සමාව
නා. කළ වරදකට දඬුවමකින් තොරව ලබාදෙන නිදහස ; වරදක් සිදුවූ විට එය අමතක කර දැමීම.
සමාවයකය
(පාරිභා.) නා. එක අණුක සංයුතිය ද අණුක භාරය ද තිබෙන ද්‍රව්‍යය.
සමාවිෂ්ටය
(පාරිභා.) නා. අඩංගු ප්‍රමාණය.
සමාවෘත
1. වි. මනාව ආවරණය වුණු ; මනාකොට වට කරනු ලැබූ.
2. (පාරිභා.) ඇඹරුණු ; අංකුරයෙහි තිබෙන විට පරිපුෂ්පයේ ඛණ්ඩයක එක් දාරයක් ඊළඟ ඛණ්ඩයේ දාරයට උඩින් පිහිටි.
සමාසනි රේඛාව
(පාරිභා.) නා. එක්විට අකුණු කුණාටුවක වර්ධනය දක්වන රේඛාව.
සමාසය
1. නා. සංක්ෂේපය ; කෙටි කිරීම.
2. (ව්‍යාක.) වෙන් වෙන් අර්ථ ඇති පද සංඛ්‍යාවක් එක්කොට එක් අර්ථයක් වන ලෙස ගළපා සාදාගන්නා තනි පදය ; සමාස පදය.
සමාස්වාදය
(පාරිභා.) නා. අත්දැකීමෙන් ලත් සහචාරයට බාහිර ව වෙනස් සංවේද අතර සම්බන්ධය.
සමාහරණය
නා. එකතුව ; සංයෝගය ; සමස්තය.
සමාහාරය
නා. එකතුව ; සම්පිණ්ඩනය ; කෙටි කිරීම.
සමාහිත
වි. සමාධියෙන් යුත් ; චිත්ත ඒකාග්ර භාවයෙන් යුත්.
සමිත
වි. සංසිඳ වූ; යටපත් කළ ; සමනය කළ.
සමිතිය
නා. පොදු අරමුණු සඳහා පිරිසක් එක් රැස් වී පිහිටුවා ගන්නා ලද සංවිධානය ; සභාව ; සංසදය.