සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1735
සරල අනුපාතය
(පාරිභා.) නා. සංයෝගයක සංඝටක අතර ඇති අසංකීර්ණ සංඛ්යාමය සම්බන්ධය.
සරල අෂ්ටිලය
(පාරිභා.) නා. තුන් වැදෑරුම් ව බෙදී පවතින ලෙල්ලක් සහිත තනි බීජයක් ඇති ඵලය ; සංකීර්ණ නොවූ අෂ්ටිඵලය.
සරල උත්තේජනය
(පාරිභා.) නා. ප්රාණියකුගේ ජීවය වඩාත් ක්රියාශීලි ඍජු ප්රතිචාරයකට මෙහෙයවීම.
සරල ඒකාක්ෂය
(පාරිභා.) නා. ශාඛා නොබෙදුණු, සංකීර්ණ නොවූ පුෂ්ප මංජරිය.
සරල ඒකාධිකාරය
(පාරිභා.) නා. තනි පාලනය හෝ තනි අයිතිය, ඒකාන්තික ස්වාමිත්වය.
සරල කම්පනය
(පාරිභා.) නා. අභ්යන්තර වූ හෝ බාහිර වූ බලපෑමක් නිසා දිග අතට ඇති වන චලනය.
සරල කෝණය
(පාරිභා.) නා. ඍජු කෝණ දෙකකට සමාන කෝණය ; 1800 කෝණය.
සරල කෝෂය
(පාරිභා.) නා. රසායනික ක්රියාවෙන් විද්යුත් ධාරාවක් ජනිත කරන බැටරි ඒකකය.
සරල ගුණාකාරය
(පාරිභා.) නා. අංග කිහිපයකින් සෑදුණු ගුණිතය ; බහු ගුණිතය.
සරල ඩිම්බකෝෂය
(පාරිභා.) නා. තනි බීජයකින් පැලයක් හටගන්නා ඩිම්බකෝෂ.
සරල නැම්ම
නා. පෘථිවි පෘෂ්ඨයේ චලනය හෝ වෙනත් විපර්යාස නිසා හෝ පෘථිවි ස්ථරවල ඇති වන නැම්ම.
සරල පරිමාණය
(පාරිභා.) නා. වස්තුවකත් එහි නිරූපිතයත් අතර පවතින සාමාන්ය අනුපාතය.
සරල ඵලය
(පාරිභා.) නා. එක් අණ්ඩාසයකින් හටගන්නා ගෙඩිය.
සරල භංගය
(පාරිභා.) නා. බිඳුණු ඇටය හා බාහිර මානය අතර කිසිදු සම්බන්ධතාවක් නොවන පරිදි ඇති වන භංගය.
සරල භාගය
(පාරිභා.) නා. සාමාන්ය භාගය ; පොදු සාධකයකින් තොර භාගය.
සරල මධ්යකය
(පාරිභා.) නා. සරල සාමාන්යය.
සරල රේඛාව
(පාරිභා.) නා. වක් නැති රේඛාව ; සෘජු රේඛාව.
සරල රේඛීය
(පාරිභා.) වි. ඍජු රේඛාවලින් යුක්ත ; ඍජු රේඛීය.
සරල විභාජක
(පාරිභා.) වි. වර්ණ දේහ සහ තර්කුවක් නොසෑදී න්යෂ්ටිය කෙළින් ම දෙකට බෙදෙන.
සරල සමාන්තර
(පාරිභා.) වි. සමාන ඍජු අතරක් ඇති.
සරල සමීකරණය
(පාරිභා.) නා. සමීකරණ විශේෂයක් ; පළමු වන බලය පමණක් ඇති තනි අඥාත පදයකට සීමා වූ සමීකරණය.
සරල ස්පර්ශකය
(පාරිභා.) නා. වෘත්ත ඛණ්ඩයක ඕනෑම ලක්ෂ්යයක් ස්පර්ශ කරන ලෙස අඳින ලද ඍජු රේඛාව.
සරල සීනි
නා.ප්ර. සීනි වර්ගයක්; මොනොසැකරයිඩ් නම් ඉතා ම සරල කාබොහයිඩ්රේටය.
සරලකරණිය
(පාරිභා.) නා. නියම සංඛ්යාවක් හෝ භාගයක් හෝ වශයෙන් නොපැවසිය හැකි සරල මූලය ; අවිනිශ්චිත ගණන.