බුද්ධදත්ත පාලි අකාරාදිය – 734
සයාපෙන්ත
3. නිදි කරවන; නිදි කරවමින්.
සයිත
3. නිදාගත්; ලැග සිටින.
සයිතබ්බ
3. නිදා ගත යුතු.
සයිත්වා
පූ.ක්රි. නිදා; නිදාගෙන.
සයිතුං
නි. නිදන්ට.
සර
පු. ඊතලය; ඊය; ප්රාණාක්ෂර; බට වර්ගයක්; ශබ්දය; හඬ; හීතලය; පු. න. විල.
සරක
පු. න. කෝප්පය; බිමට ගන්නා භාජනය.
සරජ
3. ධූලි හෝ කෙලෙස් සහිත.
සරණ
න. උපකාරය; පිහිට; සිහි කිරීම.
සරණාගමන
න. තුන්සරණය; පිහිට සොයා ඒම.
සරණීය
3. සිහි කළ යුතු.
සරති
(සර+අ) ඇවිදී; සිහි කෙරේ.
සරතුණ්ඩ
න. ඊතලයේ තුඩ.
සරද
පු. අවුරුද්ද; ශරත් කාලය.
සරදසමය
පු. වර්ෂා කාලයට අනතුරුව පැමිණෙන කාලය.
සරන්ත
3. සිහි කරන; සිහි කරමින්.
සරබූ
පු. හූනා.
සරභ
පු. මුව වර්ගයක්.
සරභඞ්ග
3. ඊතල බිඳින; සර නම් බට වර්ගය කඩන.
සරභඤ්ඤ
න. හඬනගා කීම.
සරභාණක
3. හඬනගා කියන්නා.
සරභූ
ඉ. දඹදිව මහා ගංගාවක්.
සරල
පු. හොරගස.
සරලද්දව
පු. හොර ගසේ ලාටු හෝ එයින් ගන්නා තෙල්.