බුද්ධදත්ත පාලි අකාරාදිය – 733

සමොධාන

න. ඇතුළත් බව; එක්තැන් කිරීම; සම්බන්ධ වීම.

සමොධානෙත්වා

පූ.ක්‍රි. ගළපා.

සමොධානෙති

න. ා ගළපයි.

සමොසරණ

න. එක්තැන් වීම; රැස් වීම.

සමොසරති

(සං+අව+සර+අ) එක්තැන් වේ; රැස් වේ.

සමොසරන්ත

3. රැස් වන; රැස් වෙමින්.

සමොසරිත්වා

පූ.ක්‍රි. රැස් වී.

සමොහ

3. මුළා වූ; මෝහ සහිත වූ.

සමොහිත

3. එක්තැන් කළ; ගැළපූ; රැස් කළ.

සයං

නි. තමා විසින්; තෙමේ.

සයංකත

3. තමා විසින් කරන ලද.

සයඤ්ජාත

3. ඉබේ හටගත්; තෙමේම උපන්.

සයති

(සි+අ) නිදයි; හොවී.

සයන

න. ඇඳ; නිදන තැන; නිදීම.

සයන්ත

3. නිදන; නිදමින්.

සයනිඝර

න. නිදන කාමරය.

සයම්භූ

පු. තෙමේම හටගත්; බුදුරද; සර්වඥ.

සයමාන

3. නිදන; නිදමින්.

සය්හ

3. ඉවසිය හැකි; ඉසිළිය හැකි.

සයාන

3. නිදන්නා.

සයාපිත

3. නිදි කළ; හොවා තැබූ.

සයාපෙත්වා

පූ.ක්‍රි. නිදි කරවා.

සයාපෙති

(සි+ණාපෙ) නිදි කරවයි; හොවවයි.

සයාපෙතුං

න. නිදිකරවන්ට.