බුද්ධදත්ත පාලි අකාරාදිය – 735

සරස

3. රසවත්; පු. ස්වකීය කෘත්‍යය; ස්වභාවය.

සරසී

ඉ. විල.

සරසීරුහ

3. විලේ හටගත්.

සරාග

3. රාග හෙවත් ඇලීම් සහිත.

සරාජික

3. රජු සහිත; රජුන් ඇති.

සරාපන

න. සිහි කරවීම.

සරාපෙති

(සර+ණාපෙ) සිහිපත් කරවයි.

සරාපෙන්ත

3. සිහි කරවන; සිහි කරවමින්.

සරාව

3. ශබ්ද සහිත; හඬ ඇති; පු. නෑඹිලිය; වහන්තරාව.

සරාවක

3. ශබ්ද සහිත; හඬ ඇති; පු. නෑඹිලිය; වහන්තරාව.

සරාසන

න. දුන්න.

සරික්ඛ

3. ගැලපෙන; සදෘශ වූ; සමාන වූ.

සරික්ඛක

3. ගැලපෙන; සදෘශ වූ; සමාන වූ.

සරික්ඛතා

ඉ. සමාන බව.

සරිත

3. සිහි කළ.

සරිතබ්බ

3. සිහි කළ යුතු.

සරිත්වා

පූ.ක්‍රි. සිහි කොට.

සරිතා

ඉ. ගඟ.

සරිතු

පු. සිහි කරන්නා.

සරිතුං

නි. සිහිකරන්ට.

සරීර

න. ශරීරය; සිරුර.

සරීරකිච්ච

න. මළ සිරුර දැවීමාදී වැඩ; මළමූත්‍ර පහ කිරීම.

සරීරට්ඨ

3. සිරුරෙහි පිහිටි.

සරීරධාතු

ඉ. සිරුරෙන් ඉතිරිවූ ඇට කැබිලි ආදිය (බුදු).