අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 348

සර්වත්‍ර

වි. සියලු ස්ථානයන්හි (සං. සර්වත්‍ර)

සර්වත්‍රව්‍යාපී

වි. සර්වව්‍යාපී

සර්වතෝභද්‍ර

වි. හැම අතින් ම යහපත් වූ (සං. සර්වතොභද්‍ර)

සර්වප්‍රකාරයෙන්

ක්‍රි.වි. සියලු ආකාරයෙන්; හැම ලෙසින් (සං. සර්වප්‍රකාර)

සර්වබලධාරී

නා.ප්‍ර. අසහාය ප්‍රධානයා

සර්වව්‍යාපී

වි. සැම තැන පැතිර පවත්නා (සං. සර්වව්‍යාපීන්)

සර්වාංග

වි. සියලු අංග සම්බන්ධ (සං. සර්වාංග)

සර්වාධිපත්‍යය

නා. සම්පූර්ණ ප්‍රභූත්වය; සියල්ලට ම අධිපති බව

සර්වාභරණ

නා.ප්‍ර. සියලු ආභරණ; සියලු පලඳනා (සං. සර්වාභරණ)

සර්වාස්තිවාදය

නා. පැරණි බෞද්ධ නිකායක නාමය

සර්වෝදය

නා. සියලු අභිවෘද්ධිය

සරාව

නා. ශරාව

සරුවාලය

නා. ලිහිල් ව අඳින කලිසම් විශේෂයක්

සරොස

වි. අධික කෝපය

සල

නා.ප්‍ර. පාෂාණය (පා. සිලා සං. ශිලා) වි. සෙලවෙන (පා. සං. චල)

සලකනවා

ක්‍රි. සංග්‍රහ කරනවා/ කල්පනා කරනවා (පා. සල්ලක්ඛෙති)

සලකුණ

නා. සංකේතය; ලාංඡනය (පා. සල්ලක්ඛණ සං. සංලක්‍ෂණ)

සලනවා

ක්‍රි. සොලවනවා; චංචල කරනවා (පා. සං. චලති)

සලපතළ

වි. ගල් ලෑලි අතුරන ලද

සලපතළ මළුව

නා. ගල්ලෑලි අතුරන ලද මිදුල

සලබයා

නා. සමනලයකුට සමාන පළඟැටි විශේෂයක්

සලමුතු

වි. නිසල; අචල

සලමුවා

වි. සෙල්මුවා

සලඹ

නා. ගිගිරි වළල්ල; නූපුරය (දෙ. சிலம்பு)