සල

sala

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ශිලාව ; පාෂාණය; ගල.
2. ශාලාව ; හල.
3. ආපනශාලාව; වෙළඳසල.
4. ඊය ; තෝමරය.
5. වංචාව ; ප්‍රයෝගය.
6. පමාව ; ප්‍රමාදය.
7. ඉත්තෑවා.
8. ලෝහ උණු කරන කෝව.
9. භාජනය.
10. සාල වෘක්ෂය.
1. වි. බොහෝ කාලයක් ; චිරාත් කාලයක්.
2. සෙලවෙන ; කම්පාවන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. පාෂාණය (පා. සිලා සං. ශිලා) වි. සෙලවෙන (පා. සං. චල)

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. තුරිතගමනෙ, වහා යාමෙහි, සලති, වහා යෙයි.
න. ඉත්තෑ කූරු.
√ භු. කම්පනෙ, කම්පා වීමෙහි, සලති, කම්පාවෙයි.
√ භු. චලනෙ, සංවරෙව, සැලීමෙහි, සංවරයෙහි, සලති, සැලෙයි, සංවරණය කරයි. (පි. 513)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. hall
2. n. stone
3. a. trembling