සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 902
සරිතක
න. ගල් සුණු. (පි. 513)
සරිතා
ඉ. නදිය, ගංගාව. (පි. 513)
සරිස
ති. සමාන, සම. (පි. 513)
සරිසප
පු. සිරිංසප නම් වෘක්ෂය. (පි. 513)
සරී
අ. සමාන, සදෘශ. (පි. 513)
සරීර
න. ශරීරය, දෙහය, කය. (පි. 513)
සරීර කිච්ච
න. සිරුරු කිස, අවමඞ්ගල කටයුතු. (පි. 513)
සරීරට්ඨක
න. ශරීරයේ ඇට සැකිල්ල. (පි. 513)
සරීරදව්ය
න. සිරුරේ ගැළපීම, අඞ්ගසම්පූර්ණ ශරීරය, ලක්ෂණ ශරීරය. (පි. 513)
සරීරධාතු
ඉ. ශාරීරිකධාතු, බුදුන්ගේ ශාරීරික ධාතු. (පි. 513)
සරීරපරිකම්ම
න. සිරුරු පිරිකම්, සිරුරට උවමනා දේ පිළියෙල කිරීම. (පි. 513)
සරීරවලඤ්ජන
න. සිරුරු කිස. (පි. 513)
සරීරසණ්ඨාන
න. සිරුරේ ලකුණු, ශරීරයේ හැදීම. (පි. 513)
සරීරි
පු. ශරීර ඇත්තා, සත්වයා. (පි. 513)
සරූප
න. ස්වභාවය, ගතිය, ආකාරය. (පි. 513)
සරොජ
න. විලෙන් නිපන්, පියුම්. (පි. 513)
සරොජයොනි
පු. බ්රහ්මයා, පියුම යෝනිකොට ඇත්තා. (පි. 513)
සරොජිනී
ඉ. පියුම් විල, තඩාගය. (පි. 513)
සරොරුහ
න. පද්මය, පියුම. (පි. 513)
සරොවතී
ඉ. තෙපුල වචනය. (පි. 513)
සල
√ භු. තුරිතගමනෙ, වහා යාමෙහි, සලති, වහා යෙයි.
න. ඉත්තෑ කූරු.
√ භු. කම්පනෙ, කම්පා වීමෙහි, සලති, කම්පාවෙයි.
√ භු. චලනෙ, සංවරෙව, සැලීමෙහි, සංවරයෙහි, සලති, සැලෙයි, සංවරණය කරයි. (පි. 513)
සලක්ඛණ
න. අඞ්ග ලක්ෂණ, අඟ ලකුණු. (පි. 513)
සලන
න. සෙලවීම, චංචල වීම. (පි. 513)
සලභ
පු. පලඟැටියා, මේරු ආදි සත්තු. (පි. 513)