සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 903

සලයති

ක්‍රි. (√ භු. සල, චලනෙ, සෙලවීමෙහි +ති) සෙලවෙයි. (පි. 513)

සල්ල

න. ඉත්තෑකූරු.
පු. උල, හුල, ශරීරය, කුකුරුමුවන් ගස.
√ භු. සීඝගමනෙ, වහා යාමෙහි, සලලති, වහා යෙයි. (පි. 514)

සල්ලක

පු. ඉත්තෑවා. (පි. 514)

සල්ලකත්ත

පු. ශල්‍ය වෛද්‍යවරයා. (පි. 514)

සල්ලකත්තිය

පු. ශල්‍ය වෛද්‍ය විධිය. (පි. 514)

සල්ලකත්තී

ඉ. මිනි සොදා මස් ආදිය හැර සන්ධි හැඳින ශල්‍යවෛද්‍යයන් විසින් කළමනා වෙදකම. (පි. 514)

සල්ලක්ඛණ

න. සැලකීම, සලකුණ. (පි. 514)

සල්ලක්ඛිත

ති. සලකන ලද, සලකුණු කළ. (පි. 514)

සල්ලක්ඛෙති

ක්‍රි. (චු, ලක්ඛ, දස්සනෙ, දැකීමෙහි +ණෙ+ති)) දකියි, කල්පනා කරයි. (පි. 514)

සල්ලකී

පු. ඉඳු සල් රුක, ඉන්ද්‍ර‍ශාල වෘක්ෂය. (පි. 514)

සල්ලපති

ක්‍රි. (√ භු. ලප, ලපනෙ, කථා කිරීමෙහි +ති) සල්ලාප කරයි. කථා කරයි. (පි. 514)

සල්ලපන

න. සමගි කථාව, කථාව. (පි. 514)

සල්ලබන්ධන

න. ඊතලය, හිර බැදුම. (පි. 514)

සල්ලවෙජ්ජ

පු. සල්ලවෛද්‍යයා, ශල්‍යවෛද්‍යවරයා. (පි. 514)

සල්ලසන්ථන

න. වේදනාවෙන් මුදවීම, වේදනාවෙන් මිදීම. (පි. 514)

සල්ලහුක

පු. සැහැල්ලු දෙය, නොබර දෙය. (පි. 514)

සල්ලාප

පු. සමගි කථාව, සතුටුසාමීචි කථාව (පි. 514)

සල්ලිත්ත

ති. ආලේප කළ, ගාන ලද. (පි. 514)

සල්ලීකත

ති. සිදුරු සහිත, සිදුරු කළ. (පි. 514)

සල්ලීන

ති. අලස, හෙමින් ක්‍රියා කරන. (පි. 514)

සල්ලෙඛ

පු. කෙලෙස් සිඳීම, කෙලෙස් නැසීම, කෙලෙස් තුනී කිරීම. (පි. 514)

සලාක

න. ඊ තෝමර ආදීවු නිස්සග්ගිය ආයුධ, 734, මනොරථපුර. (පි. 513)

සලාක වාතපාන

න. ලී කෝටුවලින් තැනූ වා කවුළුව. (පි. 514)

සලාක හත්ථ

න. බුරුසු අත, ක්‍රීඩා විශේෂයක්. (පි. 514)