සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 904

සලාකග්ග

පු. කුසපත් වලින් ආහාර බෙදා දීමේ ස්ථානය, (කාමරය) (පි. 514)

සලාකගාහ

පු. කුසපත් ගැණීම. (පි. 514)

සලාකහත්ත

න. කුසපත් වලින් බෙදා දෙන ආහාර. (පි. 514)

සලාකහත්ථ

පු. අතේ සායම් ගාගණ කැමති කැමති රූපාදියක් බිත්ති ආදියෙහි දැක්වීමෙන් කරන ක්‍රීඩාවක්, ඉරටා කූරු සායම් භාජනයක ඔබා කැමති රූපාදියක් බිත්ති ආදියෙහි දක්වා කරන සෙල්ලම. (පි. 514)

සලාකා

ඉ. කුසපත්, තුණ්ඩු කෑලි, කූරු, ඉරටු, උල. (පි. 513)

සලාකාවුත්ථ

න. තණපත්වලින් ජීවත්වීම. (පි. 514)

සලාටු

පු. නොපැසුණු ගෙඩිය. (පි. 514)

සලායතන

න. චක්ඛු ආදී ආයතන සය. (පි. 514)

සලිල

න. ජලය, වතුර. (පි. 514)

සලිල ධාරා

ඉ. දිය දහර, ජල ධාරාව. (පි. 514)

සලිලප්පාය

පු. ජල බහුල භූමිය, දෙනියාය. (පි. 514)

සලිලබ්භම

පු. දිය සුලිය, දියසලාව. (පි. 514)

සලිලවුට්ඨි

ඉ. වැහිවරුෂාව, වැස්ස. (පි. 514)

සව

√ භු. ගමනෙ, යාමෙහි, සවති, යෙයි.
ති. වැසීම, ඡාදනය. (පි. 514)

සවක

ති. හොඳට පැසුණු. (පි. 514)

සවඞ්ක

පු. ඉස්සා, මාළු වර්‍ගයක්. (පි. 514)

සවණ

න. සුවණේ නැකත.
න. ශ්‍ර‍වණය, කර්‍ණය, යාග කිරීම, ඇසීම. (පි. 514)

සවණීය

පු. ස්වරයෙහි එනම් අංගය, ඇසිය යුතු. (පි. 514)

සවති

ක්‍රි. (√ භු. සව, ගතියං, යෑමෙහි +ති) ගලයි, ගලා බසියි. (පි. 514)

සවන්තී

ඉ. නදිය. (පි. 514)

සවය

පු. මිත්‍ර‍යා. (පි. 514)

සවර

පු. අශීලාචාර. (පි. 514)

සවස

න. කෙනෙකුගේ සිත. (පි. 514)

සව්‍ය

ති. මෘත ශරීරය, මළකඳ. (පි. 514)