සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1742
සරෝජය
නා. පියුම ; නෙළුම් මල.
සරෝරුහ
නා.ප්‍ර. විලෙහි හට ගත් දෙය ; නෙළුම් මල.
සල
1. නා.ප්‍ර. ශිලාව ; පාෂාණය; ගල.
2. ශාලාව ; හල.
3. ආපනශාලාව; වෙළඳසල.
4. ඊය ; තෝමරය.
5. වංචාව ; ප්‍රයෝගය.
6. පමාව ; ප්‍රමාදය.
7. ඉත්තෑවා.
8. ලෝහ උණු කරන කෝව.
9. භාජනය.
10. සාල වෘක්ෂය.
1. වි. බොහෝ කාලයක් ; චිරාත් කාලයක්.
2. සෙලවෙන ; කම්පාවන.
සල ගොවිතැන
නා. හේන් වගාව මෙන් වෙනස් වෙමින් හෙවත් චලනය වෙමින් සිදු වන ගොවි කර්මාන්තය.
සල පිල
නා. කඳු අසල හෝ අතර තිබෙන තැන තැන ගල් විසුරුණු යන්තම් බෑවුම් සහිත කන්ද.
සල පිළිමය
නා. ගලින් නෙළූ ප්‍රතිමාව.
සලකනවා
1. ක්‍රි. හිතනවා ; කල්පනා කරනවා.
2. සෝදිසි කරනවා ; ආවර්ජනය කරනවා.
3. (කථා.) සත්කාර, සංග්‍රහ, උපස්ථාන කරනවා.
සලක්
1. නා.ප්‍ර. සැලකිල්ල ; ආදරය.
2. සස ලපය ඇත්තා වන චන්ද්‍රයා.
සලක්ෂණය
1. නා. ස්වකීය ලක්ෂණය.
2. විවිධ වූ ලක්ෂණ ඇති බව.
සලකැටය
නා. රළු ගල් කැටය.
සලකුණ
1. නා. ලකුණ ; සංකේතය.
2. සංඥාව ; ඉඟිය.
3. සිහිය ; මතක සටහන.
4. සස ලපය ; හාවාගේ ලකුණ.
සලග
1. නා.ප්‍ර. සල් ගස මුදුන ; සල් රුක් මුදුන.
2. ගලේ මුදුන ; ශෛලාග්රය.
සලගල
නා. ගල් පව්ව ; ශෛල පර්වතය.
සලඟ
නා. ඉත්තෑ කූර.
සලචුම්බකය
(පාරිභා.) නා. කාන්දම් කැබැල්ලක චුම්බකත්වය රැකගැනීම පිණිස ධ්රැව උඩ තබන යකඩ කැබැල්ල.
සලතල
නා.ප්‍ර. ගල් තලාව ; පැතලි ගල.
සලද
නා.ප්‍ර. සත්‍ය ස්වභාවය වැසීම ; සැඟවීම.
වි. ඇති වූ ; හටගත්.
සලදා
නා.ප්‍ර. ඇඹරුම් ගල ; දාගල.
සලදිය ප්ලවාංග
(පාරිභා.) නා.ප්‍ර. ගංගා ආදියෙහි පාවෙන සතුන් හා ශාක හඳුන්වන නාමය.
සලනවා
1. ක්‍රි. සොලවනවා ; චංචල කරනවා.
2. හලනවා ; විසුරුවනවා.
සලප
1. නා.ප්‍ර. සස ලපය.
2. සල්ලාපය ; සතුටු සාමීචි කථාව.
සලපතර
වි. ගල්පෝරු අතුරා සෑදූ සමබිම ; ගල් ලෑල්ල.
සලපතර අපිච්ඡදය
(පාරිභා.) නා. විචිත්‍ර ආකාරයක් විදහාපාන සෛල ස්තරය.
සලපතළ
වි. ගල්ලෑලි අතුරන ලද.