සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1743
සලපතළ මළුව
නා. ගල් පුවරු අතුරන ලද චෛත්‍ය, විහාර අඞ්ගනය.
සලබයා
නා. සමනලයකුට සමාන පෙනුමක් ඇති (එහෙත් නිශ්චල වූ කල පියාපත් සිරස් ව නො තබාගන්නා) තියුණු සිහින් ස්පර්ශක කෙළවරින් යුත් රාත්‍රී කාලයෙහි පියාඹන පළඟැටි වර්ගයට අයත් කෘමියෙක් ; රෑ සමනලයා.
සලම්පත්
නා.ප්‍ර. වටාපත ; විජිනිපත.
සලමුතු
වි. චංචල බවින් මිදුණු ; නිසල.
සලමුවා
වි. ගලින් නෙළූ ; ශිලාමය.
සලඹ
නා.ප්‍ර. කුඩා ගිගිරි ඇතුළු කොට සෙලවෙන විට සියුම් මිහිරි නාදයක් ඇසෙන සේ සෑදූ පා වළල්ල ; පා සලඹ ; නූපුර ; විශේෂයෙන්, පත්තිනි දෙවඟනගේ ආභරණය.
සලල
1. වි. චංචල ; සසල.
2. මනහර ; ශෝභන.
1. නා.ප්‍ර. කාමුක ගතිය ; සල්ලාල ස්වභාවය.
2. ඉත්තෑවා ; ඉත්තෑ කූර.
3. සෘජුබව.
සලලි
වි. තරුණ ; බාල.
සලවට
නා.ප්‍ර. ගල්තලාව ; ගල්ලෑල්ල.
සලවනවා
1. ක්‍රි. සොලවනවා ; හොලවනවා.
2. හළවනවා ; වක්කරනවා.
සලසනවා
ක්‍රි. යොදනවා ; සම්පාදනය කරනවා ; පහසුකම් සපයනවා.
සලස්න
සලසික
(පාරිභා.) වි. ලසිකා සහිත වූ.
සලසික ප්‍රාවරය
(පාරිභා.) නා. ලසිකා සහිත ආවරණය හෝ කෝෂය.
සලසික සන්ධි
නා.ප්‍ර. නිදහසේ එහා මෙහා කළ හැකි සන්ධි ; සචේෂ්ට සන්ධි.
සල්
1. නා.ප්‍ර. ශාලාව ; සල.
2. ආපාණශාලාව ; වෙළෙඳ සැල.
3. ගල ; ශිලා ; පර්වත.
4. හැළිය ; භාජන.
5. වස්තුව ; ධනය ; සරුබව.
6. රාශිය ; සමූහ.
7. ඝර්ම කලාපික ශාකයක්.
සල බ.
සල්පයිට්
(පාරිභා.) නා.ප්‍ර. සල්පියුරස් අම්ලයේ ලවණය.
සල්පර්
(පාරිභා.) නා.ප්‍ර. අලෝහ මූල ද්‍රව්‍යයක නාමය ; ගෙන්දගම් ; ගන්ධක.
සල්පිල
1. නා. වෙළදාම්පළ ; වෙළඳ සැල.
2. භාණ්ඩ වෙන්දේසි කර විකුණන ස්ථානය.
සල්ල විධිය
නා. ශල්‍ය කර්මය ; සැත්කම.
සල්ලකී
1. නා.ප්‍ර. එන්සාල් ; එනසාල් ; ඉඳුසල් ; කරදමුංගු.
2. ඉත්තෑවා.
සල්ලය
1. නා. උල ; හුල ; කූර.
2. හෙල්ලය ; ඊය.
සල්ලාපය
නා. සතුටු සාමීචි කථාව.
සල්ලාලයා
නා. ස්ත්‍රීන් ඇසුරු කිරීමෙහි ගිජු වූ තැනැත්තා ; කාමභෝගී තැනැත්තා ; කාමුකයා.