සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1744

සල්ලිය

නා. දැනට භාවිතයේ නැති තඹ කාසියක් ; සතයෙන් භාගය.

සල්ලේඛ

වි. කෙලෙස් තුනී කරන ; කෙලෙස් සිඳලන ; සැහැල්ලු.

සල්වඩම

නා. යක්දෙස්සන් ඉණ වටා අඳින රැලි සහිත ඇඳුම ; ඉණ හැදය ; ඉණ වඩම.

සලා

1. නා.ප්‍ර. සුළිය ; රැල්ල.
2. මෙහෙ කරන්නා ; සේවකයා.

සලාක ක්‍රමය

නා. භාණ්ඩ සීමාකොට සම ව බෙදා දෙන සැලැස්ම.

සලාකනය

1. නා. සලාක ක්‍රමයට බෙදා හැරීම ; සලාකයට යටත් කිරීම.
2. පුරුක් වශයෙන් වෙන්වීම ; ඛණ්ඩ වශයෙන් වැඩීම.

සලාකය

1. නා. උල ; කූර ; කුඩනනය.
2. ලියූ කුසපත ; සීට්ටුව.
3. හිමි කොටස ; හිමි ප්‍රමාණය.
4. සලාකයට ලැබෙන ද්‍රව්‍ය ප්‍රමාණය.
5. සීට්ටු දානය ; සලාක දානය.

සලාකිතය

(පාරිභා.) නා. මෝරන විට සිහින් වී, තනි ඇටයෙන් යුත් කොටසත් බවට හරස් අතට කැඩෙන කරලක්.

සලාගම

නා.ප්‍ර. ශ්‍රී ලංකාවේ ඇති කුලයක නාමය ; හලාගම.

සලාද

1. නා.ප්‍ර. අමුවෙන් ආහාරයට ගනු ලබන ලා කොළ පාට කොළ සහිත පැළෑටියක්.
2. එළවලු හෝ පළතුරු අමුවෙන් සකසා පිළියෙල කරන ආහාරයක්.

සලාව

නා. උල ; ලෝහ කූර.

සලිත

වි. සෙලවෙන ; කම්පාවෙන ; චලනය වෙන.

සලියෝටා

(පාරිභා.) නා.ප්‍ර. පස් ද, දිරාපත් දැව හෝ පිදුරු ආදී මතුපිට ඇතිවන දිලීර මොට්ටුව ; බිම්මල ; හත්ත.

සලිල

1. නා.ප්‍ර. ජලය ; දියරය.
2. (පාරිභා.) වා, පිත්, සෙම් නමැති තුන් දොස් අතරෙන් එකක් ; ශරීරයෙහි ඕජස් සාර්ද්‍රය.

සලිලෝද්වාරය

නා. ජලය උඩට විසි කිරීම ; දිය නඟා විහිදු වීම.

සලීල

වි. ලීලා සහිත ; මනෝඥ.

සලු

වි. වලංගු ; පිළිගත හැකි අගයෙන් යුක්ත.

සලෙල

1. වි. ලීලා සහිත මනහර.
2. චංචල.

සලෙලු

1. වි. විනෝදකාමී.
2. කාමුක ; සල්ලාල ; අවිනීත ; රළු පැවතුමෙන් යුත්.
නා.ප්‍ර. තරුණයා ; කාමුක තැනැත්තා.

සලේරුව

(පාරිභා.) නා. ලුණු බඳුන ; ලුණු කුප්පිය.

සලෝම

(පාරිභා.) වි. ලෝමයෙන් වැසුණු ; ලෝම සහිත.

සව

වි. සර්ව ; සියලු.
1. නා.ප්‍ර. මළකඳ.
2. ශපථය.
3. ශ්‍රාවකයා ; සවුවා.
4. වැගිරීම ; ගැලීම.

සවග

1. නා.ප්‍ර. අග්‍ර ශ්‍රාවකයා ; අගසවු.
2. හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායම ; ෂඩ්වර්ගීය ; ජබ්බග්ගිය.

සවතිඳු

නා.ප්‍ර. මුහුණු සයක් ඇති දෙවිඳු ; කඳ කුමරු.