සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1745
සවන
1. නා. සර්වඥයන් වහන්සේ.
2. ඇසීමේ ඉන්ද්රිය ; ශ්රවණේන්ද්රිය ; කන.
3. ඇසීම ; ශ්රවණය කිරීම.
4. වර්ණ සය.
1. වි. සවැනි.
2. ශාපකරන.
සවන් අකුරු
නා.ප්ර. සර්වඥ අංකුර ; බුද්ධාංකුරය ; බුදුබව පතා පෙරුම්දම් පුරන්නා ; බෝසතාණන් වහන්සේ.
සවන් දෙනවා
ක්රි. කන් දෙනවා ; ඇහුම්කන් දෙනවා ; අසනවා.
සවන් රැස්
නා.ප්ර. බුදු සිරුරෙන් විහිදෙන වර්ණ හයකින් යුත් රශ්මි ධාරාව.
සවයංසාධක
වි. බාහිර උත්තේජයකින් තොරව ඉබේ ක්රියාකරන ; ස්වයංක්රිය ව සිදුවන.
සවරන්
1. නා.ප්ර. සැරසිලි සඳහා දිගට එල්ලෙන පරිදි සැකසූ රෙදි, කෙඳි, කඩදාසි ආදියෙන් සෑදූ සිහින් පටි.
2. ආභරණ විශේෂයක්.
3. චාමර.
4. සවරම් අතින් ගෙන කරන රඟපෑම.
5. චාමර.
සවරන් ගහනවා
(කථා.) ක්රි. රස්තියාදු වෙනවා ; රවුම් ගහනවා ; දඩාවතේ යනවා.
සවර්ග පරායණය
නා. පරලෝකප්රාප්තිය ; දෙව්ලොව පිහිට කර ගැන්ම ; මිය යෑම.
සවර්ණ
1. නා.ප්ර. සමාන වර්ණ.
2. සමාන අකුරු.
සවරිය
1. නා. කාන්තාවන් කොණ්ඩයට තබා බඳින අමතර කෙස්වැටිය.
2. ගව, බූරු ආදි සිව්පාවන්ගේ වලිගය අග ඇති කෙස් රොද.
3. ඖෂධීය පැළෑටි වර්ගයක්.
සවවස්
නා.ප්ර. මසුරුකම ලෝභකම.
සවස
1. නා. දවසේ අපරභාගය ; දිවා කල්හි පසු භාගය ; හවස.
2. හුස්ම ; සුසුම.
3. ස්වකීය වාසස්ථානය.
4. එක්ව වාසය ; සහවාසය.
සවස්මානය
නා. සවස් කාලය.
සව්
වි. සියලු ; සකල ; සර්ව.
1. නා.ප්ර. මස්වල තිබෙන සුදු පැහැති පටල කොටස.
2. දුන්න ; චාපය.
සව් කඩදාසි
නා.ප්ර.සැරසිලි සඳහා ගන්නා විවිධ වර්ණවලින් යුත් ඉතා තුනී සැහැල්ලු කඩදාසි වර්ගය.
සව්කම්දා
වි. සියලු කැමැති දෑ දෙන ; කැමැති හැම දෙය ම දීමෙහි සමත්.
සව්කැඳ
නා.ප්ර. සව් හාලින් පිසූ කැඳ.
සව්කැලි
වි. සර්ව කාලික ; හැම කාලයට ම අයත්.
සව්දිය
නා.ප්ර. උත්සව අවස්ථාවක ශුභ ප්රාර්ථනය කොට කරන පානය හෝ පවත්වන දේශනය.
සව්දොදොල්
නා.ප්ර. සව් මිශ්ර කර සාදා ගැනෙන රස කැවිලි විශේෂයක්.
සව්පිරිසන්
නා.ප්ර. හැම පැත්තෙන් ම අවාරණය කරන ලද සෙනසුන.
සව්බරණ
නා.ප්ර. සියලු ආභරණ.
සව්බිම් මිහිපල්
නා.ප්ර. සියලු පොළොව පාලනය කරන්නා ; මුළු මහත් පෘථිවිය රජයන්නා ; සක්විති රජතුමා.
සව්වා
නා. ධර්මය පිළිපදින්නා ; ශ්රාවකයා ; ගෝලයා.