අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 349
සලල
1. වි. චංචල; සසල (පා. සං. චංචල) 2. සිත්කලු/ කාමුක
සලවට
නා.ප්‍ර. ගල්තලාව; ගල්ලෑල්ල
සලසනවා
ක්‍රි. යොදනවා; සම්පාදනය කරනවා
සල්පිල
නා. වෙළඳ සැල
සල්ලාපය
නා. සතුටු සාමීචි කතාබහ (පා. සල්ලාප)
සල්ලාල
වි. විනෝදකාමී; කාමුක
සල්ලේඛ
වි. සැහැල්ලු/ කෙලෙස් තුනී කරන (පා. සල්ලෙඛ)
සලාකය
නා. පංගුව/ වෙන් කළ කොටස; ප්‍රමාණය/ උල; කූර/ කැමැත්ත දැනගැනීම පිණිස භාවිත කරන සීට්ටු, තුණ්ඩු ආදිය (පා. සලාක සං. ශලාකා)
සලාද
නා.ප්‍ර. එළවළු හෝ පලතුරු හෝ මිශ්‍ර කිරීමෙන් සාදා ගන්නා ආහාරය (පුර්. salad)
සලිත
වි. සෙලවුණු; චලනය වූ (පා. සං. චලිත)
සලිලය
නා. වතුර; ජලය (පා. සං. සලිල)
සලෙලු
නා.ප්‍ර. තරුණයා/ සල්ලාලයා (සං. සලීල)
සවණ
නා.ප්‍ර. වර්ණ සය
සවන
නා. කන; ශ්‍රවණේන්ද්‍රිය (පා. සවන)
සවැනි
වි. සය වැනි
සවිඥානක
වි. සිතීමේ ශක්තිය ඇති (පා. සවිඤ්ඤාණක)
සවුදිය පුරනවා
ක්‍රි. සම්භාෂණයක දී සුබ පතමින් කතාබහ කරනවා; ජයග්‍රහණය සමරනවා
සශ්‍රීක
වි. සමෘද්ධිමත් (සං. සශ්‍රීක)
සසඳනවා
ක්‍රි. සංසන්දනය කරනවා (පා. සංසන්දෙති)
සසම්භාවී
වි. අහඹු
සසල
වි. චපල; සෙලවෙන (පා. චඤ්චල)
සස්‍ය
නා. අස්වැන්න (පා. සස්ස සං. ශස්‍ය, සස්‍ය)
සසුන
නා. ශාසනය
සහනශීලී
වි. සැනසුම ගෙන දෙන