සුෂිර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පංච තූර්ය වාද්‍ය භාණ්ඩයන්ගෙන් එකක නාමය.
2. කුහරය ; සිදුර.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. සිදුර/ වස්දඬු, හොරණෑ, සක් ආදී වායු ධාරාවක් උපයෝගී කරගෙන හඬ උපදවන තූර්ය භාණ්ඩ (සං. ශුෂිර, සුෂිර පා. සුසිර)

නා.ප්‍ර. කුහරය; සිදුර/ වායුධාරාවක් උපයෝගී කරගෙන හඬ උපදවන තූර්ය භාණ්ඩ (සං. සුෂිර, ශුෂිර පා. සුසිර)

නා.ප්‍ර. සිදුර; ඡිද්‍රය/ නළා ආදි සිදුර සහිත වාද්‍ය භාණ්ඩ විශේෂය (සං. ශුෂිර, සුෂිර පා. සුසිර)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. flute
2. st. hole